අතුරුදන් වූ තම සබ්මැරීනයේ සුන්බුන් හමුවුණු බවත්, එහි සිටි 53 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බවත් ඉන්දුනීසියා නාවික හමුදාව පවසයි.
සබ්මැරීනය මුහුදේදී අනතුරට ලක්වී අතුරුදන් වූයේ පසුගිය 21 වැනිදාය.
සබ්මැරීනය සෙවීමට කඩිනමින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර ජාත්‍යන්තරයේ සහාය ද ඉන්දුනීසියාවට හිමිවිය.
කේ.ආර්.අයි. නංග්ගලා’ නමැති මෙම සබ්මැරීනය නාවික අභ්‍යාසයක යෙදී සිටිද්දී අතුරුදන් විය. සබ්මැරීනය අතුරුදන් වූයේ බාලි දූපතට උතුරින් කිලෝ මීටර් 100 ක් දුර මුහුදේදීය.
‘කේ.ආර්.අයි. නංග්ගලා’ සබ්මැරීනය ජර්මනියේ නිෂ්පාදිත එකකි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd