අතුරුදන් වුණු ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් සබ්මැරීනය සොයා ගැනීමටත්, ඒ තුළ සිරවී සිටින 53 දෙනා බේරා ගැනීමටත් කාලය සමඟ සටන් කරන්න සිදුවී ඇතැයි පැවැසෙයි.
සබ්මැරීනය අතුරුදන් වූයේ පෙරේදා (21) ය. සම්බැරීනය මුහුදු පතුලේ අකරතැබ්බකට ලක්වන්න ඇතැයි සැක කෙරේ. එසේ වූයේ නම්, සබ්මැරීනය තුළ ඔක්සිජන් ඇත්තේ පැය 72 ක් තෙක් පමණි. සබ්මැරීනය සොයා ගැනීමටත් ඇතුළේ සිරවුණු පිරිස් බේරා ගැනීමටත් කාලය සමඟ සටන් කිරීමට සිදුවී ඇතැයි පැවැසෙන්නේ එහෙයිනි.
සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට ඉන්දුනීසියා නාවික හමුදාව ඔවුන් සතු යුද නැව් හයක්, හෙලිකොප්ටරයක් සහ තවත් 400 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබේ.
සිංගප්පූරුව සහ මැලේසියාව ඉන්දුනීසියාවට සහාය දක්වමින්, සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් සඳහා එක් වී ඇත්තේ ඔවුන් සතු යුද නැව් ද සමඟය.
ඊට අමතරව, ඉන්දුනීසියාව කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය ද සම්මැරීනය සෙවීමට සහාය පළ කර ඇතැයි වාර්තා වේ.
‘කේ.ආර්.අයි. නංග්ගලා’ නමැති මෙම සබ්මැරීනය නාවික අභ්‍යාසයක යෙදී සිටිද්දී අතුරුදන් විය. සබ්මැරීනය අතුරුදන් වූයේ බාලි දූපතට උතුරින් කිලෝ මීටර් 100 ක් දුර මුහුදේදීය. අතුරුදන් වුණු ‘කේ.ආර්.අයි. නංග්ගලා’ සබ්මැරීනය ජර්මනියේ නිෂ්පාදිත එකකි.
මුහුදේ තෙල් කාන්දුවක් දකින්න ලැබුණු බවත්, එය සබ්මැරීනයෙන් නිකුත් වූ තෙල් කාන්දුවක්දැයි සැක කරමින්, ඒ අවට මුහුදේ සෝදිසි කිරීම් දිගටම සිදුවන බව පැවැසෙයි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd