මියන්මාර හමුදා ජුන්ටාව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නෙරපයි රටට ද්‍රෝහි වූ බවට චෝදනා කරමින් මියන්මාර හමුදා ජුන්ටාව එරට සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත කියව් මෝ තුං එම ධුරයෙන් නෙරපීමට පියවර ගෙන ඇත. 28 February 2021
කෂෝගි ඝාතනය සෞදි කුමරුගේ අනුමැතියෙන් සිදුවී ඇතැයි ඇමරිකාව කියයි සෞදි මාධ්‍යවේදියෙකු වූ ජමාල් කෂෝගි ඝාතනය කිරීම සඳහා සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අනුබල දුන් බව ඇමරිකාව විසින් සිදුකළ බුද්ධි අංශ විමර්ෂණයකදී සොයාගෙන ඇතැයි වාර්තා වේ. 27 February 2021
ඉන්දු-චීන විදේශ අමාත්‍යවරු ලඩාක් ගැන කතා කරති නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා ගැටුම් අවසන් කිරීම සහ අර්බුද සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් නැවත විමසා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් චීන විදේශ අමාත්‍ය වැන් යී ට දුරකතන ඇමතුමක් ලබා දී ඇත. 26 February 2021
නයිජීරියාවේ තුවක්කුකරුවෝ පාසැල් සිසුවියන් 300 ක් පැහැර ගනිති නයිජීරියාවේ වයඹ දිග සැම්ෆාරාහි දී පාසැල් සිසුවියන් 300 ක් පමණ පැහැරගෙන ඇතැයි වාර්තා වේ. 26 February 2021
ඇමෙරිකාවෙන් ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ට ප්‍රහාර නැගෙනහිර සිරියාවේ පිහිටි ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කඳවුරු කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 26 February 2021
ඉක්වදෝරයේ බන්ධනාගාර තුනක ගැටුම් වලින් රැඳවියන් 75 ක් මරුට ඉක්වදෝරයේ බන්ධනාගාර තුනක එකවර ඇතිවූ ගැටුම් වලින් අවම වශයෙන් රැඳවියන් 75 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 24 February 2021
ඕස්ට්‍රේලියාවේ පැරණි ගුහා සිතුවමකින් කැන්ගරුවෙකු හමුවේ ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් වසර 17,300ක් පමණ පැරණි සිතුවමක් සොයාගෙන තිබේ. මෙය පාෂාණයක සිතුවම් කළ කැන්ගරුවෙකුගේ රූපයක් වන අතර එය ඕස්ට්‍රේලියාවෙන් හමුවූ පැරණිතම පාෂාණ සිතුවම බව බලධාරීහු පවසති. 23 February 2021
රෝහිනග්‍යා වැසියන් බේරා ගන්නා ලෙස එ.ජා. සංවිධානය ඉල්ලයි බංගලාදේශ වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක අනතුරට පත්වී සිටින රෝහින්ග්‍යා වැසියන් පිරිසක් බේරා ගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලා සිටීයි. 23 February 2021
ප්‍රංශයේ නයිස් නගරය සති අන්තයේ අගුලු දමයි කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් ප්‍රංශයේ දකුණු දිග නයිස් නගරය සති අන්තයේ අගුලු දමා ඇති අතර සංචාරකයින්ට නගරයෙන් ඉවත් වන ලෙස නගරාධිපතිවරයා ඉල්ලා ඇතැයි වාර්තා වේ. 21 February 2021
කුරුළු උණත් මිනිසාට ආසාදනය වෙයි කුරුල්ලන්ගෙන් බෝවන ඒ(එච්5එන්8) නම් කුරුලු උණ වයිරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට වැළඳුණු ප්‍රථම අවස්ථාව රුසියාවෙන් වාර්තා වී තිබෙන බවත් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති බවත් පාරිභෝගික සහ සෞඛ්‍ය නිරීක්ෂණ අංශයේ ප්‍රධානී ඇනා පොපෝවා මහත්මිය පැවසුවාය. 21 February 2021
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනයට චෝදනා නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී අත්අඩංගුවට ගනිමින් මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට චීනය සම්බන්ධ යැයි මියන්මාර විරෝධතාකරුවෝ චෝදනා කරති. 19 February 2021
නාසා යැවූ යානය අඟහරු මතට නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අද (19) අලුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ. 19 February 2021
යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට එන්නත දෙන්න සටන් විරාමයක් ඉල්ලයි ලොවපුරා යුධ ගැටුම් පවතින කළාප වල ජනතාවට කොරෝනා එන්නත ලබාදීම සඳහා තාවකාලික සටන් විරාමයක් අරඹන ලෙස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතා අදාල රටවලින් ඉල්ලා තිබේ. 17 February 2021
අවුන් සාන් සූකීට තවත් චෝදනාවක් මියන්මාරයේ හමුදා රෙජීමය බලයෙන් පහ කෙරුණු එරට නායික අවුන් සාන් සූකී මහත්මියට තවත් චෝදනාවක් එල්ල කර ඇතැයි ඇයගේ නීතිඥවරයා වන කින් මවුන්ග් සෝ මහතා අද (16) පැවැසීය. 16 February 2021
ඇමරිකානුවෙකු ඝාතනයට සටන්කාමීන් 5කට මරණ දඬුවම ඇමරිකානු බ්ලොග්කරුවකු වූ අවිජිත් රෝයි ඝාතනය කිරීමට වරදකරුවන් වූ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක සාමාජිකයින් 5කට බංගලාදේශ අධිකරණය අද (16) මරණ දඬුවම නියම කර තිබේ. 16 February 2021
වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් ඊජිප්තුවෙන් සොයාගනී ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින් විසින් වසර 5,000 ක් පමණ පැරණි බියර් කම්හලක් සොයාගෙන ඇති අතර එය ලොව පැරණිතම මත්ද්‍රව්‍ය නිශ්පාදනාගාරය වියහැකි බව ඔවුහු පවසති. 15 February 2021
ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලයි ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය සාර්ථකව අත්හදා බලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 15 February 2021
2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ තුනක් ගිනියාවේ ඉබෝලා රෝගයෙන් පුද්ගලින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 14 February 2021
හිමකන්ද කඩා වැටීමෙන් සිරවූවන් සොයන්න උමඟක් කැණීම අරඹයි ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ හිම කන්දක් ගංගාවකට කඩා වැටීමෙන් සිදුවූ ව්‍යසනයෙන් පසුව සිරවී ඇතැයි විශ්වාස කරන පිරිසක් බේරා ගැනීම සඳහා උමගක් කැණීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 11 February 2021
ට්‍රම්ප්ට ආයේ ට්විටර් ගිණුමක් දෙන්නේ නෑ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම නැවත සක්‍රිය නොකරන බව ට්විටර් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඩ් සේගල් මහතා පවසයි. 11 February 2021
ටියැන්වෙන් - 1 යානය අඟහරු වටා සාර්ථකව කක්ෂ ගතකරයි අඟහරු ගවේෂණය සඳහා යවන ලද ටියැන්වෙන් - 1 යානය අඟහරු ග්‍රහයා වටා සාර්ථකව කක්ෂගතකල බව චිනය පවසයි. 11 February 2021
හූති කැරැලිකරුවන්ගේ සෞදියට ඩ්‍රෝන ප්‍රහාරයක් ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. 10 February 2021
මාලි රාජ්‍යයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 20 ක් තුවාල ලබති මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 10 February 2021
මියන්මාර විරෝධතාකරුවන්ට එරෙහිව බලය භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ විරෝධය හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා පවත්වන මියන්මාර වැසියන්ට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (9) නිවේදනය කළේය. 09 February 2021
රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අද (9) අභාවප්‍රාප්ත විය. 09 February 2021
යැංගොන් නුවරට මියන්මාර වැසියෝ දස දහස් ගණනක් පාගමෙන් එති මියන්මාර හමුදා ජුන්ටාවේ කුමන්ත්‍රණයට එරෙහිව එරට වැසියන් දස දහස් ගණනින් වීදිවලට පැමිණෙමින් විරෝධතා පැවැත්වීම පටන් ගෙන ඇත. 07 February 2021
මියන්මාර හමුදා පාලකයෝ අන්තර්ජාලය අවහිර කරති මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දහස් ගණන් ජනතාව විරෝධතාවයේ යෙදීමෙන් හමුදා පාලකයින් විසින් එරට අන්තර්ජාලය අවහිර කර ඇතැයි වාර්තා වේ. 07 February 2021
රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී නවාල්නිට වසර 2ක සිර දඬුවමක් රුසියාවේ ප්‍රමුඛතම විපක්ෂ ක්‍රියාකාරිකයා ලෙස සැලකෙන ඇලෙක්සෙයි නවාල්නිට වසර දෙකහාමාරක සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ. 02 February 2021
නවදිල්ලි නුවර අන්තර්ජාල සබඳතා අත්හිටුවයි ඉන්දීය ගොවීන්ගේ විරෝධතා උත්සන්න වීමත් සමඟ නවදිල්ලි නුවර අවට ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සේවා අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. 01 February 2021
සෝමාලියාවේ මොගඩිෂු නුවර හෝටලයකට ජිහාද් ප්‍රහාරයක් සෝමාලියාවේ මධ්‍යම මොගඩිෂු නුවර පිහිටි හෝටලයකට සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, හෝටලයට පිවිසෙන ස්ථානයේ මෝටර් රථයක් පුපුරුවා හැර ඇතැයි ද එරට පොලිසිය සඳහන් කරයි. 01 February 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026