IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තමිල්නාඩුවට ලොක්ඩවුන් තහංචි

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, හෙට (6) සිට ලබන 20 වැනිදා තෙක් දින 14 ක්, ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන පළාත් සහ නගර සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමටත්, සෙසු පළාත් සහ නගරවලට සංචරණ සීමා පැනැවීමටත් ප්‍රාන්තයේ නව මහ ඇමැති ලෙස දිවුරුම් දීමට නියමිත එම්.කේ. ස්ටාලින් අද (5) තීරණය කළේය.

'අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්' හෙවත් ඩී.එම්.කේ. පක්ෂ නායක ස්ටාලින් මෙසේ තීරණය කළේ, ප්‍රාන්ත මහ ලේකම් රජීව් රංජන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමිනි. තමන් බලයට පත්වුණු සැණින්, තමිල්නාඩුවේ කොරෝනා පාලනය කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ස්ටාලින් මැතිවරණයට පෙර පොරොන්දු වී තිබුණි‍.

වසර 10 ක් තිස්සේ තමිල්නාඩුවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වූ ඩී.එම්.කේ. පක්ෂයට ජනවරමක් හිමිවූයේ පසුගිය දෙවැනිදා ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේදීය.

ඩී.එම්.කේ. පක්ෂයට ජය හිමවීමත් සමඟ, තමිල්නාඩුව පුරා ජය සැමරීමේ උත්සව පැවැත්විණි. ඒ සෞඛ්‍ය උපදෙස් නොතකමිනි. මැතිවරණ කොමිසම පවා කල් තියා දේශපාලන පක්ෂවලට පවසා තිබුණේ ජය සමරමින් උත්සාහ හෝ සැණකෙළි හෝ නොපවත්වන ලෙසය.
ඩී.එම්.කේ. පක්ෂ නායක එම්.කේ. ස්ටාලින් ද දිගින් දිගටම පක්ෂ සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේ ජනතාව ඒකරාශීකර ගනිමින් ජයග්‍රහණය සැමරීමෙන් වළකින ලෙසය. කෙසේ නමුත් ඩී.එම්.කේ. පක්ෂ ආධාරකරුවන් ඊට කන් නොදුන් බව පැවැසෙයි.

චෙන්නායිහිදීය (රොයිටර්)



අදහස් (0)

තමිල්නාඩුවට ලොක්ඩවුන් තහංචි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site