IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දියාවේ ආසාදියන් මිලියන 18 පසු කරයි

ඉන්දියාවේ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (29) මිලියන 18 ඉක්මවා ගියේ ය.

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට තුන් ලක්ෂය ඉක්මවා තිබෙන අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

මේ හේතුවෙන් මිනීවළවල් කපන්නන් හට දිනය පුරා වැඩි කිරීමට සිදුව තිබේ. එසේ වුව ද ඒවා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රථ ගාල සහ උද්‍යානවල මෘතදේහ ආදාහනය කරන අයුරු ද ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචවල සටහන් වී තිබිණි.

ඉන්දියාවෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් 379,257ක් වාර්තා වූ අතර වයිරස ආසාදිත මරණ 3,645ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන රට වන්නේ ද ඉන්දියාව යි.

දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යෑම හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය දරුණු කඩා වැටීමකට ලක්ව තිබෙන අතර රෝහල් වයිරස ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇත. මෝචරිවල මෘතදේහ තැබීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

රෝහල්වල ඇඳන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වෛද්‍යවරුන්, හෙද ඇතුළු රෝහල් කාර්යමණ්ඩලවලට වයිරස ආසාදිත රෝගීන් හරවා යැවීමට ද සිදුව තිබේ.

ඉන්දියාව මේ වනවිට ඔක්සිජන්, විශේෂයෙන්ම වෛද්‍ය ඔක්සිජන් (මෙඩිකල් ඔක්සිජන්) හිඟයකට ද මුහුණ පා ඇත. එරට වෛද්‍ය සැපයුම් ද එන්නම එන්නම අඩු වෙමින් තිබෙන බව වාර්තා වේ.

රෝහල්වල ඇඳන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇතැම් රෝහල්වල විශේෂයෙන්ම දිල්ලියේ රෝහල්වල එක ඇඳක වයිරස ආසාදිත රෝගීන් දෙදෙනකු තැබීමට සිදුව තිබේ.

රොයිටර්



අදහස් (0)

ඉන්දියාවේ ආසාදියන් මිලියන 18 පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 10 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site