චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ සහ ‘සිනෝෆාම්’ එන්නත්වලට ඉදිරි සතියක කාලය ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවනු ඇතැයි ග්ලෝබල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ සහ ‘සිනෝෆාම්’ එන්නත්වලට අනුමැතිය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ද ඒ අනුව ඒවායේ ප්‍රතිඵල සතියක් ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද වාර්තා වේ.
ඊට චීනයේ නිෂ්පාදිත ‘සිනෝවැක්’ කොවිඩ්-19 එන්නත සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය වන යුරෝපා වෛද්‍ය කාර්යාංශය (ඊ.එම්.ඒ) ඉකුත් දා රැස්විය.
එහිදි එන්නත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට යුරෝපා සංගම් වෛද්‍ය කාර්යාංශය පියවර ගෙන ඇතැයි ග්ලෝබල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අතර මෙම එන්නත්වලට අවසර ලද විගස ජාත්‍යන්තරයට තිබෙන වගකීම ඉටු කරමින් එන්නත් මාත්‍රා නිෂ්පාදනය වැඩි කීරීමටත් ලෝක බලවතකු ලෙස වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර ප්‍රජාවට සිය උපරිම සහයෝගය දෙන බවත් චීනය ප්‍රකාශ කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ දැක්වේ.
ග්ලෝබල් ටයිම්ස්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චීන එන්නත්වලට අනුමැතිය සතියකින්