IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


මිනිසුන් බේරා ගැනීමට ආ මිහිපිට දෙවියෝ

ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි ෂෙහෙනවාස් ෂෙයික් ( Shahnawaz Shaikh ) නැමැති  අවුරුදු 32ක තරුණයෙක් තම මෝටර්  රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 22කට විකුණා ඒ මුදලින් ඔහු ඔක්සිජන්  ටැංකි මිලදී ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දියාවේ ධනවතුන් රට අතහැර වෙනත් රටවලට පලා යමින් සිටින අවස්ථාවක මෙම ඉන්දීය තරුණයා මෙම සද් කාර්යය ඉටු කර ඇත්තේ මේ දිනවල විශාල වශයෙන් කොවිඩ් ආසාදිතව ඔක්සිජන් නොමැතිව මියයන මිනිසුන් වෙනුවෙනි.

ඔක්සිජන් නොමැති අසරණ රෝගීන් හට ඔක්සිජන්  ටැංකි බෙදාදීම මෙම තරුණයාගේ ප්‍රධාන අරමුණ වී තිබෙන අතර ෂෙහෙනවාස් සහ ඔහුගේ මිතුරන් එක්ව 4000කට අධික රෝගීන් පිරිසකට උදව් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී..

මෙම උතුම් ක්‍රියාවට ඔහුට සිත යොමුවී ඇත්තේ, මාස 6 ක ගැබිනියක්ව සිටි ඔහුගේ මිතුරාගේ බිරිඳ රෝහල් 5 කින් හරවා යවා තිබුනේ oxygen නොමැතිවීම නිසා, ඒ හේතුවෙන් මිතුරා ගේ බිරිද ඔහු ඉදිරිපිටදී මිය ගියේ ත්‍රීරෝද රථයක් තුල මියයෑමේ සිද්ධියක් නිසාවෙනි.

එයින් අතිශය කම්පාවට පත් ඔහු තම ෆොර්ඩ් වර්ගයේ මෝටර් රථය විකුණා ඒ මුදලින් ඔක්සිජන් ටැංකි මිලට ගෙන , ඔක්සිජන් ලබා ගැනීමට නොහැකි රෝගීන්ට එවා බෙදා හරිමින් සිටි..

ඉන්දියාවේ ඔහුව දැන් “ඔක්සිජන් මිනිසා” යනුවෙන් හඳුන්වන අතර ඔහු විසින් දැනට ඔක්සිජන් නොමැතිව මරණයට ලක්වීමට සිටි බේරාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 950 කි..

ඒ සියලුදෙනාම රෝහල් වලින් ඔක්සිජන් නොමැතිව හරවා යැවු මිනිස්සුන් බව සඳහන්..ඊට අමතරව ඔහු ආහාර පැකට් සහ වතුර බෝතල් බෙදා හැරියා. ෂෙහෙනවාස් මේ සියල්ග සිදු කරනු ලැබුවේ  කළේ ඔහුගේ පෞද්ගලික ඉතිරිකිරීම් වලිනි.

(මුම්බායි මිර්ර් ඇසුරෙනි)



අදහස් (2)

මිනිසුන් බේරා ගැනීමට ආ මිහිපිට දෙවියෝ

පැතුම් පුතා Sunday, 02 May 2021 10:57 AM

අපි හිතන විදිහේ දෙවිවරු නෑ, යාඥා කරලා මොකුත් ලැබෙන්නේ නෑ, එ්ත් මනුස්සයෙක්ට පුළුවන් දෙවියෙක් වෙන්න, කිසිම බලාපොරොත්තුවක් නැති මිනිස්සුන්ට සහනයක් දෙන්න. මේ කොල්ලා කළෙත් ඒ දේම තමයි. කිසිම උදව්වක් නොමැති, ජීවිතේ අඳුරුම කාලෙකදී ආලෝකයක් දුන්නු දෙවියෙක්...

:       0       0

විජිත් Monday, 03 May 2021 10:00 AM

ඔබ වැනි පින් සිත් ඇති , උතුම් මිනිසුන් කිහිප දෙනෙක්වත් ඉන්දියාවේ සිටියානම්, අද ඉන්දියාව මුහුණපා ඇති භයානක ඉරණමෙන් ගැලවෙන්නට තිබුණා. ඉන්දියාවේ මිනිසුන් වන්දනාමාන කල සුපිරි නළු නිලියන් රටේ මිනිසුන් ජීවිතය ඉල්ලා කෑගසද්දී...ඔවුන්ව දමා පන බේරාගෙන වෙනත් රටවලට පැනගිය මොහොතක .ඔබ ජීවමාන දෙවියෙක්මවිය.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 65 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 479 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site