ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන අද (4) මිලියන 20 පසු කළ අතර, ඉන්දීය සෞඛ්‍ය අංශ නිවේදනය කළේ සමස්ත ආසාදිතයන් ගණන 20,208,333 ක් ලෙස සටහන් වන බවය.
කෙසේ නමුත්, පසුගිය දිනවල දෛනික ආසාදිතයන් වාර්තා වීම ලක්ෂ 4 පසු කර තිබුණ ද ඊයේ (3) දිනය වන විට එය යළි 3,55,532 කට අඩු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටී.
ආසාදිතයන් හමුවීම මෙසේ අඩු වී ඇත්තේ ආසාදිතයන් සොයා කරන පීසීආර් පරීක්ෂණ අඩු නොකළ නිසා යැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.
ඉන්දීය මාධ්‍ය සැක කරන්නේ සෞඛ්‍ය බලධාරීන් නිවැරදි දත්ත වසං කරන බවය.
ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 448 ක් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 222,408 කි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොරෝනා අඩුවෙලා - ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි