IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


’ස්පුට්නික් 5’ ඉන්දියානුවන්ට

රුසියන් එන්නත ඉන්දියානුවන්ට

ඉන්දීය රජය ඇණවුම් කළ රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත පළමු තොගය ඊයේ (1) හයිද්‍රාබාද් ගුවන් තොටුපොළට ලැබුණි.

පළමු තොගයට අයත් එන්නත් මාත්‍රා ගණන 1,50,000 ක් ඇතුළත් වන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. පරීක්ෂණ පවත්වා නිසි ක්‍රමවේදයට අනුව එන්නත් ඉන්දියානුවන්ට ලබා දීම තව දින කීපයක් ඇතුළත ආරම්භ කරන බව ද සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කර තිබේ.

'ස්පුට්නික් 5' යනු ඉන්දියානුවන්ට ලබා දෙන තෙවැනි එන්නත වෙයි. පසුගිය ජනවාරියේ සිට මේ දක්වා ඉන්දියානුවන්ට ලැබෙමින් පවතින්නේ සේරම් ආයතනය නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය නිපදවන 'කොනැක්සින්' එන්නතය.

ඊයේ (1) සිට ඉන්දියාවේ අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීමට ඉන්දීය රජය පියවර ගත්තේය. ඉන්දීය එන්නත්කරණ වැඩසටහන පෞද්ගලික අංශය හරහා ද සිදුවෙයි. රජය නියම කරන දිනට පෙර එන්නත ලබා ගැනීමට අවශ්‍ය නම් එය මිලදී ගැනීම කළ හැකිය.

ජනවාරියේ සිට මේ දක්වා එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දී ඇත්තේ ඉන්දියානුවන්ගෙන් සියයට 9 කට පමණක් යැයි ද පැවැසෙයි. මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් වාර්තා වීම ලක්ෂ 4 පසු කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

’ස්පුට්නික් 5’ ඉන්දියානුවන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site