IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දියාවේ කොරෝනා යළි ලක්ෂ 4 පනී

ඉන්දියාවෙන් අද (6) දිනය තුළ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 412,262 දෙනකු හඳුනාගත් බවත් එම පැය 24 ක කාලයේදී මරණ 3,980ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්දියාව තුළ මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වී තිබෙන අතර ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතිය දරුණු කඩාවැටීමකට ලක්ව ඇත.

නගරබදව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල මේ වනවිට එරට ග්‍රාමීය සහ පිටිසර ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙමින් තිබෙන සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන ඉන්දියාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 21 ඉක්මවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අද පස්වරුව වනවිට එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 230,168කි.  

ඉකුත් සතියක කාලයේ දී ලොව පුරා වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණනින් අඩක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් බවත් වාර්තා වූ මරණ ගණනින් හතරෙන් එකක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙන් බවත් සතිපතා වාර්තාවක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.

රොයිටර්ස්



අදහස් (1)

ඉන්දියාවේ කොරෝනා යළි ලක්ෂ 4 පනී

Sri Lanka Friday, 07 May 2021 03:57 AM

පුළුවන් නම් දාන්නකෝ ලෝකයේ හැම රටකම ඔය කියන කොරෝනා බොරුවේ විස්තර... ඉන්දියාවෙයි, අපේ රටෙයි ගොන්නු හිටියට අනික් රටවල නැහැ. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් බිස්නස් එකක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site