IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන ලක්ෂ 4 පසු කළේය. ඒ අනුව, එක් රටකින් එක් දිනකදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4,01,993 කි. ගතවුණු පැය 24 දී වාර්තා වූ කොරෝනා මරණ 3,523 කි.

ඉන්දියාවේ අවුරුදු 18 ත් 44 ත් අතර වයස් කාණ්ඩයේ සැමට ද අද (1)  සිට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය. කෙසේ නමුත් ප්‍රාන්ත බලධාරීන් කියා සිටියේ ප්‍රමාණවත් ආකාරයට ඔවුන් සතුව එන්නත් තොග නොමැති බවය.

ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත්තේ එන්නත් ප්‍රමාණවත් තරමට ලබා දීමට කටයුතු කරන බවත් එන්නත් හිඟයක් නොමැති බවත්ය.

රොයිටර්



අදහස් (0)

ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 4 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site