ඉන්දියානුවන්ට එන්නත් මාත්‍රා කෝටි 3 ක් දීලා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඉන්දීය රජය සහ සෞඛ්‍ය අංශ ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් මාත්‍රා කෝටි 3 ක් ඉන්දියානුවන්ට ලබා දී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය. 17 March 2021
ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර වෙඩි තැබීම්: 8 ක් මරුට ඇමෙරිකාවේ ඇට්ලැන්ටා නුවර, සම්භාහන මධ්‍යස්ථාන 3 ක සිදුවුණු වෙඩි තැබීමකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 17 March 2021
ගිහින් එන්නත විද ගන්න - ට්‍රම්ප් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන එන්නත් ලබා ගන්නැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රිපබ්ලිකන් ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. 17 March 2021
සාම හමුදාවට චීනයෙන් එන්නත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට චීනය ද කැමැත්ත පළ කර තිබේ. 16 March 2021
බ්ලින්කන් ආසියා සංචාරය අරඹයි ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලයිකන් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජපානයට ගියේය. මෙය බ්ලයිකන්ගේ පළමු ආසියානු සංචාරය ද වෙයි. 16 March 2021
කිම් ජොන් උන්ගේ නැගණිය ඇමෙරිකාවට තර්ජන කරලා උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා මෙන්ම, ඔහුගේ සොහොයුරිය ද වන කිම් යෝ ජොං ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළාය. 16 March 2021
මියන්මාරයේ චීන කම්හල් ගිනි තබයි මියන්මාරයේ යැංගොන් නුවර ලයින්තායා පළාතේ පිහිටා ඇති චීන කර්මාන්තශාලා කිහිපයක් ගිනි තබා විනාශ කිරීමට, මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය දක්වන විරෝධතාකරුවෝ කටයුතු කළහ. 15 March 2021
එන්නත ගන්නැයි රිපබ්ලිකන්වරුන් උනන්දු කරන්න ට්‍රම්ප්ට පුළුවන් ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට, රිපබ්ලිකන් පාක්ෂිකයන් උනන්දු කිරීමට, ධුරයෙන් සමුගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි නම්, ඇමෙරිකාවෙන් කොරෝනා තුරන් කිරීම පහසු වේවි යැයි වෛද්‍ය ඇන්තති ෆවුචි පවසයි. 15 March 2021
බංගලාදේශ නිදහස් උළෙලට අගමැති මහින්දටත් ආරාධනා දෙදින නිල සංචාරයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සිකුරාදා (19) බංග්ලාදේශයට පැමිණෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (14) වාර්තා කළේය. 14 March 2021
පොලිසියට එරෙහිව ලන්ඩනයේ විරෝධතා තිස් තුන් හැවිරිදි කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකුට චෝදනා එල්ල වීමත් සමඟ ලන්ඩන් නුවර විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. 14 March 2021
තායිලන්තයත් ඇස්ට්රසෙනිකා එන්නත් කිරීම නවත්වයි රුධිර කැටි ගැසීම් පිළිබඳව වාර්තා වීම හේතුවෙන් කොරෝනා සඳහා නිර්දේශිත ඇස්ට්රසෙනිකා එන්නත ලබාදීම තායිලන්තය විසින් තාවකාලිකව නතර කර තිබේ. 13 March 2021
ඔක්ස්ෆර්ඩ් එන්නතට ලේ කැටි ගැසෙන්නේ නෑ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමේදී රුධිරය කැටි ගැසීමක් සිදුවන බව යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කරයි. 13 March 2021
කොරෝනාව ඉන්දියාවේ නගරයක් වහයි කොරෝනා ආසාදිතයින් 2,000ක් පමණ පසුගිය පැය 24 තුළ හමුවීම හේතුවෙන් බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. 12 March 2021
ටැන්සානියා ජනාධිපති ට කොවිඩ් ටැන්සානියා ජනාධිපති ජෝන් මැගුෆුලී ට ‘කොවිඩ් 19’ ආසාදිනය වී ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ. 12 March 2021
ඩෙන්මාර්කය - නෝර්වේ ඇස්ට්‍රාසෙනකා එන්නත දීම නවත්වයි අතුරු ආබාධ සම්බන්ධයෙන් ඇති වූ අවදානමක් හේතුවෙන් මහජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ඩෙන්මාර්කය පියවර ගෙන ඇත. 12 March 2021
තායිලන්තයට එන සංචාරකයින් දින 14ක් යාත්‍රාවක නිරෝධායනයට සංචාරය සදහා තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට සති දෙකක කාලයක් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකි බව එරට රජය තීරණය කර ඇතැයි ගාඩියන් පුවත්සේවය වාර්තා කරයි. 11 March 2021
ඉන්දියාව- බංග්ලාදේශය අතර ’’මෛත්‍රී-සේතු’’ පාලම විවෘත කෙරේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ෆෙනි ගංඟාව උඩින් ඉදි කළ පාලම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) විවෘත කෙරුණි. 09 March 2021
බකිංහැම් මාලිගය අර්බුදයක හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය විසින් බකිංහැම් මාලිගය තුළ ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසුව, එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින අර්බුදකාරී සාකච්ඡාවල නිරත වූ බව එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරයි. 09 March 2021
මියන්මාරයේ අද පැවති විරෝධතා අතරතුර තිදෙනකු මරුට මියන්මාරයේ අද (08) දිනයේ පැවති විරෝධතා අතර තුර පෙළපාලිකරුවන් තිදෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ. 08 March 2021
“මට ජීවිතේ එපා වෙලා තිබුණේ” එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බව හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය කියා සිටියාය. ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඒ බව පවසා සිටියාය. 08 March 2021
සිරියාවේ ජනපතිට, බිරිඳට කොරෝනා සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් මහතාට සහ ඔහුගේ බිරිඳ අස්මා මහත්මියට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ. 08 March 2021
ඉම්රාන් ඛාන්ගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් සෙනට් මණ්ඩලයේදී ලැබූ පරාජයත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසය දිනාගැනීම එරට පාර්ලිමේන්තුවට ඊයේ (6) යෝජනාවක් ඉදිරිපත් කළේය. 07 March 2021
ඉන්දියාවට ඇමෙරිකාවෙන් පැසසුම් ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයේ ආර්ථික සහ දේශපාලන කටයුතු යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය සතුට පළ කර ඇත. 07 March 2021
සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂුහි සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් 20 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බලධාරීන් පවසන්නේ අනතුරින් තුවාල වූ 30 දෙනකු පමණ රෝහල් ගතකළ බවයි. 06 March 2021
පාසල් සිසුන් 279 නිදහස් කරලා නයිජීරියාවේ, වයඹ දිග සම්ෆාරා ප්‍රාන්තයේ, ජන්ගබේ නගරයේ පාසල් නේවාසිකාගාරයකින් පැහැරගත් පාසල් සිසුවියන් 280 කට ආසන්න පිරිස නිදහස් කර ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසයි. ගැහැනු ළමයින් 279 දෙනෙකු නිදහස් කර ඇති බව සම්ෆාරා ප්‍රාන්ත ආණ්ඩුකාර බෙලෝ මතවාලේ නිවේදනය කළේය. 02 March 2021
ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසි මහතාට සිරදඬුවම් ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි මහතාට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත. 01 March 2021
කශෝග්ජි ඝාතනයට සෞදි කුමරුට දඩුවම් කරන්න ප්‍රමාද වෙන්න එපා සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් බව කියන එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ප්‍රමාද නොකර දඩුවම් පමුණුවන්නැයි, කොෂෝග්ජිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් මෙනෙවිය ප්‍රකාශ කරයි. 01 March 2021
ඉතිහාසයේ වූ දේ යළිත් සිදුවෙතැයි හැරී බියෙන් ඉතිහාසයේ වූ දේ යළිත් සිදු වනු ඇතැයි තමා බියෙන් පසුවන බව බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වූ, සසෙක්ස් ආදිපාද යුවළෙහි හැරී (කුමරු) පවසයි. 01 March 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026