IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තවත් එන්නත් මිලියන 20 ක් ලොවට දෙනවා

තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 20 ක් ලොව සෙසු රටවලට බෙදා දීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇතැයි ධවල මන්දිරය ඊයේ (18) නිවේදනය කළේය.

ඇමෙරිකා ජනාධිපති බයිඩන් මීට පෙර එන්නත් මාත්‍රා මිලියන 60 ක් සෙසු රටවලට බෙදා හැරීමට කටයුතු කළේය. ඒ අනුව ඇමෙරිකාව සෙසු රටවලට ලබා දෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක් යැයි විදෙස් පුවත් සේවා පවසයි.

අලුතින් බෙදා හැරීමට තීරණය කළ මිලියන 20 ඉදිරි සති 4 හෝ 6 ඇතුළත දී ඒවා අවශ්‍ය රටවලට ලැබෙනු ඇතැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකාව මෙසේ බෙදා දීම සිදු කරන්නේ එරටදී නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත්ය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතට ඇමෙරිකන් ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී නැත. ඒ, රුධිර කැටි ගැසීම් ඇති වන එන්නතක් වන බැවිනි. බයිඩන් පරිපාලනය සෙසු රටවලට බෙදා දෙන්නේ මෙම ඇස්ට්‍රසෙනකා එන්නතය.

වොෂින්ටනයේදීය (රොයිටර්)

 

 



අදහස් (1)

තවත් එන්නත් මිලියන 20 ක් ලොවට දෙනවා

Vithana Sunday, 23 May 2021 12:30 AM

ලංකාවේ පාලකයින්ට ඇයි බැරි ඇමරිකාවෙන් ඉල්ලීමක් කරලා මේ ඉහළ ප්‍රතිශක්තීකරණයක් පෙන්වන එන්නත ගෙන්වන්න බැරි? අඩු ගානේ පළමු මාත්‍රාව ලබාගත් අයගේ දෙවෙනි මාත්‍රාව විදියට දෙන්නවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site