දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නේපාලයේ ද ඔක්සිජන් හිඟයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් නේපාලයට ද්‍රව ඔක්සිජන් ටැංකි එවීමට ඉන්දියාව පොරොන්දු වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දින දහයක් ඇතුළත ඉන්දියාවෙන් නේපාලයට ද්‍රව ඔක්සිජන් ලැබෙන ඇතැයි අන්තර්ජාලය ඔස්සේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් නේපාලයේ ඉන්දීය තානාපති විනායි මොහන් ක්වත්‍රා ඉකුත් දා (17) පැවැසීය.
“මේ අර්බුදකාරී අවස්ථාවේදී අපි දිගින් දිගටම නේපාලයට සහාය දෙනවා. මේ වනවිටත් නේපාලයට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් ලබා දී තිබෙනවා. ඉදිරි දින දහය ඇතුළත නේපාලයට ද්‍රව ඔක්සිජන් ටැංකි ලැබේවි” යැයි හෙතෙම කීය.
මේ අතර නේපාලයෙන් සඳුදා දිනයේ දී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 9,198ක් වන අතර වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 214කි.
නේපාලයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 464,218කි.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd