දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නේපාලයේ ද ඔක්සිජන් හිඟයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් නේපාලයට ද්‍රව ඔක්සිජන් ටැංකි එවීමට ඉන්දියාව පොරොන්දු වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දින දහයක් ඇතුළත ඉන්දියාවෙන් නේපාලයට ද්‍රව ඔක්සිජන් ලැබෙන ඇතැයි අන්තර්ජාලය ඔස්සේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් නේපාලයේ ඉන්දීය තානාපති විනායි මොහන් ක්වත්‍රා ඉකුත් දා (17) පැවැසීය.
“මේ අර්බුදකාරී අවස්ථාවේදී අපි දිගින් දිගටම නේපාලයට සහාය දෙනවා. මේ වනවිටත් නේපාලයට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් ලබා දී තිබෙනවා. ඉදිරි දින දහය ඇතුළත නේපාලයට ද්‍රව ඔක්සිජන් ටැංකි ලැබේවි” යැයි හෙතෙම කීය.
මේ අතර නේපාලයෙන් සඳුදා දිනයේ දී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 9,198ක් වන අතර වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 214කි.
නේපාලයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 464,218කි.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දියාවෙන් නේපාලයට ඔක්සිජන්