රුසියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, අට දෙනකු මියගිය බවත්, මියගිය එම අට දෙනාගෙන් වැඩි දෙනා පාසල් දරුවන් බවත් වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ කසාන් නගරයේ පාසලකය. වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ සිසුන් සිවු දෙනකු සහ දැරියන් තිදෙනකු බව පැවැසෙයි. මියගිය අනෙක් තැනැත්තා ගුරුවරයෙකි.
වෙඩි වැදී තුවාල ලැබූ 21 දෙනකු රෝහල් ගත කෙරුණු බවත්, එම 21 දෙනා අතර දරුවන් 18 දෙනකු සිටින බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් 6 දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය පවසන අන්දමට තුවක්කුකරුවන් දෙදෙනකු පාසලට කඩා වැදී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. එය ත්‍රස්ත ක්‍රියාවක් බව රුසියන් ආරක්ෂක අංශ පවසයි. වෙඩි තැබීම කළ පුද්ගලයන් ගැන හෝ ඔවුන්ගේ අරමුණ ගැන හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ පාසලක වෙඩි තැබීමක්