රුසියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, අට දෙනකු මියගිය බවත්, මියගිය එම අට දෙනාගෙන් වැඩි දෙනා පාසල් දරුවන් බවත් වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ කසාන් නගරයේ පාසලකය. වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ සිසුන් සිවු දෙනකු සහ දැරියන් තිදෙනකු බව පැවැසෙයි. මියගිය අනෙක් තැනැත්තා ගුරුවරයෙකි.
වෙඩි වැදී තුවාල ලැබූ 21 දෙනකු රෝහල් ගත කෙරුණු බවත්, එම 21 දෙනා අතර දරුවන් 18 දෙනකු සිටින බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් 6 දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය පවසන අන්දමට තුවක්කුකරුවන් දෙදෙනකු පාසලට කඩා වැදී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. එය ත්‍රස්ත ක්‍රියාවක් බව රුසියන් ආරක්ෂක අංශ පවසයි. වෙඩි තැබීම කළ පුද්ගලයන් ගැන හෝ ඔවුන්ගේ අරමුණ ගැන හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd