ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත්අඩංගුවට විවේචනය කළ පුද්ගලයන් 15 දෙනකු දිල්ලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍යවරයා විවේචනය කරමින් සටන් පාඨ දැක්වෙන පුවරු අල්ලාගෙන සිටි පුද්ගලයන් 15 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස විරෝධතා පුවරු අල්ලාගෙන සිටි පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි 17ක් ගොනු කර ඇතැයි ද වාර්තා වේ.
“අගමැතිතුමනි, අපේ දරුවන්ගේ එන්නත් වෙන රටවලට යැව්වේ ඇයි” යනුවෙන් එම බොහෝමයක් විරෝධතා පුවරුවල දැක්විණි.
දිල්ලියේ බොහෝ නගරවල පසුගිය දින කිහිපයේ දී මෙවැනි පුවරු සහ විරෝධතා දක්නට ලැබිණි.
පී.ටී.අයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd