
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට, පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලින් බේරී, ගුවන් යානයක් කුලියට ගෙන, උඩු ගුවනේ මංගල උත්සවයක් පැවැත්වූ ඉන්දීය යුවළක් ගැන තමිල්නාඩුවෙන් වාර්තා වේ.
මෙම යුවළ උඩු ගුවනේ මංගල උත්සවය පවත්වා ඇත්තේ, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු අමුත්තන් 160 දෙනකු ද සමඟින්ය. මනාල යුවල ඇතුළු පිරිස, ගුවන් යානය තුළ එක පොදියට සිරවී, මංගල උත්සවය පවත්වන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.
එම වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඉන්දීය ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ගුවන් යානයේ මංගල උත්සවය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවය.
මංගල උත්සවය පවත්වා ඇත්තේ කුළියට ගත් ඉන්දියාවේ 'ස්පයිස් ජෙට්' ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයකිනි. සිද්ධිය මුල්කොට ගනිමින් එම ගුවන් යානයේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කීප දෙනකුගේ වැඩ තහනම් කළ බව ද ඉන්දීය ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කර ඇත.
ගුවන් සේවය පවසා ඇත්තේ, සංචාරක ඒජන්තවරයකු මාර්ගයෙන් මදුරායි සිට බැංගලෝර් තෙක් ගුවන් ගමනක් සඳහා ගුවන් යානයක් කුලියට ගත් බවය. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ පනවා ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි එම අවස්ථාවේදී තමන් එම සංචාරක ඒජන්තවරයාට අවධාරණය කළ බව ද 'ස්පයිස් ජෙට්' ගුවන් සේවය වෙනුවෙන් එහි ප්‍රකාශකයකු පැහැදිලි කර තිබේ.
ඉන්දියාව මේ වනවිට දෙවැනි කොරෝනා රැල්ලෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටී. ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. සෞඛ්‍ය අංශ ලබා දෙන නිල වාර්තා අනුව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ඉන්දියානුවන් ගණන ලක්ෂ 3 පසු කර තිබේ.
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමට එරටින් හඳුනාගත් විකෘති වයිරස ප්‍රභේදය ද හේතුවක් වී තිබේ. ඊට අමතරව, ඉන්දීය වැසියගේ 'නූගත්කම' ද වයිරස ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත.
මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්තය පමණක් නොව, ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට තහංචි පනවා ඇති අතර, ආසාදිතයන් වැඩි ප්‍රදේශ සහ නගර ලොක්ඩවුන් කර තිබේ.
ලොක්ඩවුන් තහංචි පැනැවීමට පෙර තමිල්නාඩු සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබුණේ මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැක්කේ 50 කට අඩු පිරිසක් බවය.
කොවිඩ් මාර්ගෝපදේශ නොතකා, ඒවායින් බේරී, සෞඛ්‍ය අංශ පවා විහිළුවට ගෙන මේ අයුරින් මංගල උත්සවයක් පැවැත්වීමෙන් ඉන්දියානුවන්ගේ 'නූගත්බව' ලොවට ප්‍රදර්ශනය වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා තහංචි මගහැර ගුවනේ මගුල් කාලා
Sri Lanka Tuesday, 25 May 2021 09:09 PM
බිම බැරිනම් උඩහරි මගුල් කන්න එපෑයෑ..