IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


චීන ජාතිකයන්ට ජපානයේ සරණාගත තත්ත්වය

චීන ජාතිකයන් සැලකිය යුතු පිරිසක් පසුගිය වසරේ දී ජපානයේ සරණාගත තත්ත්වය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

චීනය තුළ ආගමික හිංසාවලට ලක්වන පුද්ගලයන් සහ වෙනත් ආගමික මත දැරීම නිසා පීඩාවට පත්වන පුද්ගලයන් මෙලෙස ජපානයට පැමිණ සරණාගත තත්ත්වයට ඉල්ලුම් කර ඇත.

මෙසේ ජපානයේ සරණාගත තත්ත්වය හිමිකරගත් බොහෝ දෙනා බටහිර චීනයේ ෂිංජියැන්ග් හි ජීවත් වූ අය වෙති.

චීනය උයිගර් මුස්ලිම් වැසියන් ඇතුළු ආගමික සුළු ජන කොටස් සමූල ඝාතනය කරන බවට චෝදනා එල්ල වී තිබෙන ඔවුන්ගෙන් බොහෝ දෙනා ජීවත් වන්නේ මෙම ෂිංජියැන්ග් කලාපයේ ය.

ජපානය පසුගිය වසරේ දී විදේශිකයන් 47 දෙනකුට සරණාගත තත්ත්වය ලබා දී ඔවුන්ට ජපානයේ රැඳී සිටීමට අවසර ලබා දී ඇතැයි ජපානයේ ආගමන සේවා ආයතනයේ දත්ත උපුටා දක්වමින් ‘සවුත් චයිනා මෝර්නිං පෝස්ට්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. ඔවුන්ගෙන් 11 දෙනකු චීන ජාතිකයන් යැයි ද එම වාර්තාවේ දැක්විණි.

සරණාගත තත්ත්වය හිමි පුද්ගලයන්ට නිසි පරිදි නොසැලකීම සහ සරණාගත තත්ත්වය ඉල්ලුම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම සම්බන්ධයෙන් ජපානයට පසුගිය කාලයේ චෝදනා එල්ල විය.

ජපානය 2019 වසරේ සරණාගත තත්ත්වය ලබා දී ඇත්තේ පුද්ගලයන් 44 දෙනකුට පමණි. කෙසේ නමුත් එම වසරේ දී ජර්මනිය සරණාගත තත්ත්වය ලබා දී ඇති පුද්ගලයන්ගේ ගණණ 53,973කි. ඇමෙරිකාව එරට තුළ පදිංචි වීමට පුද්ගලයන් 44,614 දෙනකුට අවසරය ලබා දී තිබෙන අතර ප්‍රංශය අවසර දී පුද්ගලයන්ගේ ගණන 30,000කි.

ජපානයේ මේ වනවිට චීන ජාතිකයන්ට වැඩි වශයෙන් සරණාගත තත්ත්වය දිය යුතු යන ස්ථාවරය පැමිණ ඇතැයි වාර්තා වේ.

චීන ජාතිකයන් 308 දෙනකු, 2018 වසරේ දී ජපානයේ සරණාගත තත්ත්වය සඳහා අයඳුම් කර ඇති අතර එයින් අවසර ලැබී ඇත්තේ පුද්ගලයන් සිවුදෙනකුටට පමණි. ඉන් පසු 2019 වසරේ දී චීන ජාතිකයන් 134 දෙනකු යොමු කර තිබූ අතර ඉන් කිසිවකටත් ජපානයේ අවසර හිමි නොවීය.

කෙසේ නමුත් ඉකුත් වසරේ දී එනම් 2020 දී, චීන ජාතිකයන් 77 දෙනකු ජපානයේ සරණාගත තත්ත්වය සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉන් 11 දෙනකුට ජපානයේ සරණාගත තත්ත්වය හිමි වී ඇත.

ඒ.එන්.අයි.



අදහස් (1)

චීන ජාතිකයන්ට ජපානයේ සරණාගත තත්ත්වය

Asanka Sunday, 16 May 2021 08:53 AM

ජපානයේ අවසානය ඔවුන්ම ලගාකර ගනිමින් සිටී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site