චීනයේ නිරිතදිග සහ වයඹදිග පළාත් රැසක් භූමි කම්පා මාලාවකින් කැලඹී ගියේය. එම භූමි කම්පා අතරින් ප්‍රබලත්වයෙන් වැඩිම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 7.4 ක් සටහන් කළ බව පැවැසෙයි.
චීන ෂින්හුවා පුවත් සේවයට අනුව, භූමි කම්පාවෙන් මියගිය ගණන පහකි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 22 කි.
සංචාරක නගරයක් ලෙස සැලකෙන, යුවාන් පළාතේ ඩාලී නගරයට භූමි කම්පාවලින් හානි සිදුවී ඇතැයි පැවැසෙයි.
ප්‍රබල භූමි කම්පාවලින් පසු අතුරු භූ කම්පන රැසක් වාර්තා වූ බවත් චීන වැසියෝ නිවෙස්වලින් පිටතට වී රැය පහන් කළ බවත් වාර්තා වේ. නිවාස සහ ගොඩනැගිලි කීපයක් හානියට පත්ව ඇති බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.
බීජීංහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd