IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බෙලරූස් ජනපති ගුවන් යානයක් පැහැර ගනී

බෝම්බයක් ඇතැයි බොරු අනතුරු ඇඟවීමක් කරමින්, තම රටට ඉහළින් පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානයක් බලෙන් ගොඩබැසීමට සලස්වා, එහි සිටි මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ ඊයේ (23) කටයුතු කළේය.

බෙලරූසය (ධවල රුසියාව) යනු අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසකි. වර්තමානයේ, රුසියාවේ සහාය බෙලරූසයට හිමිවන අතර, 1994 වසරේ සිට බලයේ රැදී සිටින 66 හැවිරිදි බෙලරූස් ජනාධිපති, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.

ග්‍රීසියේ ඇතන්ස් නුවර සිට බෙලරුසියාවට ඉහළින් ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානය බලෙන් තම රටට ගොඩබෑමට සලස්වා, අත්අඩංගුවට ගෙන ඇත්තේ යානයේ ගමන් කරමන් සිටි 26 හැවිරිදි බෙලරූස් ජාතික මාධ්‍යවේදී රෝමන් ප්‍රොටසෙවිච්ය. මොහු සමාජ ක්‍රියාකාරියකු ලෙස ද ප්‍රකටය.

ප්‍රොටසෙවිච් පෝලන්තයේ 'නෙක්ස්ටා' නමැති අන්තර්ජාල මාධ්‍ය ආයතනයට සම්බන්ධ වී සිටි බෙලරූස් මාධ්‍යවේදියෙකි. ඔහු පුවත් සංස්කාරකවරයෙකු ද විය. 'නෙක්ස්ටා' පුවත් සේවය ඔවුන්ගේ පුවත් ජනතාව අතරට ගෙනයන්නේ 'ටෙලිග්‍රෑම්' නමැති 'වොට්ස්අප්' වැනි පණිවුඩ හුවමාරු සේවය ඔස්සේය. ඒ, 'ටෙලිග්‍රෑම්' පුවත් බෙලරූස් බලධාරීන්ගේ වාරණයට ලක් කළ නොහැකි ආකාරයටය.

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝගේ දූෂණ වංචා බෙලරූස් ජනතාවට අනාවරණය කළේත්, ලොවට අනාවරණය කළේත් ප්‍රොටසෙවිච්ය. ජනාධිපති ලුකෂෙන්කෝගේ උදහසට ලක් වූ ප්‍රොටසෙවිච්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙමින් තිබුණි. 2019 දී බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ප්‍රොටසෙවිච් සහාය දැක්වීමත් සමඟ ඔහුගේ ජීවිතය අනතුරේ වැටුණු බව පැවැසෙයි. ඒ අනුව ප්‍රොටසෙවිච් ග්‍රීසියේ ඇතන්ස් නුවරට පලා ගියේය.

ප්‍රොටසෙවිච් ඉන්පසු 'නෙක්ස්ටා' පුවත් සේවයෙන් ඉවත් වී, 'බෙලමෝවා' අන්තර් ජාල පුවත් සේවයට එක් විය. 2020 වසරේ දී බෙලරූස් ජනාධිපතිවරණය පැවැත්වුණ අතර, බටහිර රටවල සහාය හිමිවූයේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ ස්වෙත්ලානා ටිකොනොව්ස්කාටය.

ස්වෙත්ලානා ට ජනවරමක් හිමිවේවි යැයි විශ්වාස කළත්, එය එසේ නොවුණු අතර, ලුකෂෙන්කෝ ට යළි බලය හිමිවිය. ස්වෙත්ලානා ප්‍රමුඛ විපක්ෂයට හිමිවී තිබුණේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයක් පමණි. එය පැහැදිලිවම හොර ඡන්ද දැමීමක් යැයි බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්න වූ අතර, යුරෝපා රටවලත්, ඇමෙරිකාවේත් සහාය ඔවුන්ට හිමිවිය. ඡන්ද අක්‍රමිකතා සිදුවුණැයි සාක්ෂි ඉදිරිපත් කිරීමට ප්‍රොටසෙවිච් කටයුතු කළ අතර, ජනපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ලුකෂෙන්කෝ ට එරෙහිව දැවැන්ත විරෝධතා ආරම්භ වීමට එය හේතුවක් විය.

මාස ගණනක් තිස්සේ පැවැති විරෝධතාවලදී, විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදුවිය. බටහිර සහාය ලබන විපක්ෂ නායිකා ස්වෙත්ලානා ටිකොනොව්ස්කාට බෙලරූසයේ උතුරු දෙසින් පිහිටි ලිතුවේනියාවට පලා ගියාය. ඒ, ලිතුවේනියා රජයේ සහාය සහ ආරක්ෂාව ඇයට හිමිවීමෙනි.

බටහිර සහාය මත රට අස්ථාවර කරමින්, ජනතාව උසි ගන්වනවා යැයි ප්‍රොටසෙවිච් ට චෝදනා එල්ල විය. පසුගිය 23 වැනිදා, ග්‍රීසියේ ඇතන්ස් නුවරින්, රයන් එයාර් මගී ගුවන් යානයට ප්‍රොටසෙවිච් ගොඩවූයේ ලිතුවේනියාව බලා යෑමටය. ඒ, ග්‍රීසියේ රැදී සිටීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වීමට පටන්ගෙන තිබුණු බැවිනි. ඔහු ගොඩවූයේ රයන් එයාර් ගුවන් සමාගමේ අංක එෆ්.ආර්. 4978 යානයටය.

ඇතන්ස් නුවර සිට ලිතුවේනියාවේ විල්නියස් නුවර ගුවන් තොටුපොළ බලා යන ගුවන් මාර්ගය වැටී ඇත්තේ බෙලරූසයට ඉහළින් වන අතර, යානය බෙලරූස් ලිතුවේනියා දේශසීමාව පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී, බෙලරූස් ගුවන් හමුදාවට අයත් මිග් 29 යානයක් මගී ගුවන් යානය වට කළේ යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බෙලරූස් මින්ස්ක් නුවර ගුවන්තොටුපොළෙන් ගුවන් ගමන් පාලන අධිකාරියෙන් යානයට පණිවුඩයක් ලැබී තිබුණේ යානයේ බෝම්බයක් ඇති බවත්, එය ආරක්ෂාවට තර්ජනයක් බවත්, වහාම යානය හරහා මින්ස්ක් නුවර ගුවන්තොටුපොළට හරවා යා යුතු බවත්ය. යානය ගොඩබැස්වීම කරන්නැයි බෙලරූස් ගුවන් හමුදාවට අණ ලැබී තිබුණේ ජනපති ලුකෂෙන්කෝගෙන් යැයි අනාවරණය වූයේ පසුවය.

යානය මින්ස්ක් නුවර බලා හරවා යද්දී, මගීන් අතරේ සිටි ප්‍රොටසෙවිච් තම ඉරණම වටහා ගත් බවත්, යානය මින්ස් ගුවන්තොටුපොළට ගොඩබාන්නේ තමන් නිසා බවත් සෙසු මගීන්ට සහ කාර්ය මණ්ඩලයට පැවැසූ බව රොයිටර් පුවත් වාර්තා කර තිබේ.

යානයේ සිටි මගීන් කීප දෙනකු සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගෙන් අදහස් විමසා බැලීමට රොයිටර් පුවත් සේවය පසුව කටයුතු කළේය.

යානය ගොඩබෑ සැණින් හමුදා නිලධාරීහු පැමිණ ප්‍රොටසෙවිච් අත්අඩංගුවට ගත්හ. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට 15 වසරක සිරදඩුවමක් හිමිවනු ඇතැයි ද පැවැසෙයි.

බොරු අනතුරු ඇඟවීමක් කර, බලහත්කාරයෙන්, යානය ගොඩබැසීමට සලස්වා ප්‍රොටසෙවිච් අත්අඩංගුවට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ජය ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක් බවත් යුරෝපා සංගමය පවසා ඇත.

මින්ස්ක් ගුවන්තොටුපොළට ගොඩබෑ යානයට ආපසු ලිතුවේනියා බලා යෑමට අවසර ලැබුණු අතර, යානය නියමිත වේලාවට වඩා පැය 6 ක් ප්‍රමාද වී ගමනාන්තය වූ විල්නියස් බලා පැමිණ ඇත.

රයින් එයාර් යනු අයර්ලන්ත ගුවන් සේවයකි.  යානයේ ගුවන් නියමුවන් පසුව පැවැසුවේ, තමන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි බවත්, යානයේ බෝම්බයක් ඇති බව බෙලරූස් ගුවන් පාලන අධිකාරිය පැවැසූ සැණින්, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ලබා දුන් උපදෙස් පිළිපැද්ද බවය. එසේ නොකළා නම්, ප්‍රහාරක ජෙට් යානය යානයට පහර දීමට පවා ඉඩ තිබුණු බව නියමුවන් පවසා ඇත.

මින්ස්ක් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

බෙලරූස් ජනපති ගුවන් යානයක් පැහැර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site