දකුණු සුඩානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපති සැල්වා කීර් පියවර ගෙන ඇත.
වසර පහක් මුළුල්ලේ එරට සිවිල් යුද්ධයට මැදිව සිටින විවිධ පාර්ශවවල නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සලසා දීම සඳහා මෙලෙස දකුණු සුඩාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.
මෙම තීරණය බොහෝ කාලයක් ප්‍රමාද වෙමින් තිබූ තීරණයක් යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අදහස් ප්‍රකාශ කරමින් සිවිල් සමාජ කණ්ඩායම් සහ සමාජ ක්‍රියාකාරීන් පැවැසීය.
මීට වසර තුනකට පෙර සාම ගිවිසුමකට අත්සන් තබන ලද අතර ඊට අනුව සැල්වා කීර්ගේ පැරැණි සතුරා වන රීක් මචාර්ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්විය යුතු ගණන සම්පූර්ණ පාර්ලිමේන්තු ආසන ගණනෙන් හතරෙන් එකකි.
අදාළ ගිවිසුමට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පත්විය යුත්තේ පාලක පක්ෂය වන එස්.බී.එල්.එම්. පක්ෂයෙනි. එම ආසන 550 කි.
දකුණු සුඩානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන ඡන්දයකින් තෝරාපත් කරනොගන්නා අතර විවිධ දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් නම් කරයි.
“එය සිදුවෙන්න සති හෝ මාස ගණනක් යන්න ඉඩ නොදෙමු” යැයි අදාළ සාම ගිවිසුමට අත්සන් තබන ලද සිවිල් සමාජ කණ්ඩායමක් වන කමියුනිටි එම්පවර්මෙන්ට් ෆෝ ප්‍රෝග්‍රස් ඕගනයිසේශන් හි එඩ්මන්ඩ් යකානි බී.බී.සී. පුවත් සේවයට පැවැසීය.
“ජනාධිපතිවරයා පුළුවන්නම් සඳුදා වෙද්දි පාර්ලිමේන්තුවක් පිහිටවිය යුතු” යැයි ද හෙතෙම කීය.
දකුණු සුඩානයේ 2013 වසරේ දී ඇති වූ අර්බුදය අප්‍රිකාවේ ඇති වූ දරුණුම මානුෂීය අර්බුදවලින් එකකි. මෙම ගැටුම හේතුවෙන් 380,000කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ අතර තවත් මිලියන ගණනකට උන් හිටි තැන් අහිමි විය.
ඒ.එෆ්.පී.
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු සුඩාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි
rocky Monday, 10 May 2021 10:32 AM
මෙන්න අපේ මිනිසුන්ට නාම යෝජනා බාරදෙන්න අවස්ථාවක්