බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය. ඒ, එංගලන්තයේ අවුරුදු 34 ට වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ වීමත් සමඟය.
විලියම් කුමරුන් ට එන්නත ලබා ගැනීමට හැකි වුවත්, කේම්බ්‍රිජ් ආදිපාදවරිය යන නාමයෙන් ද හැඳින්වෙන විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන්ට තවමත් එන්නත ලබා ගැනීමට අවස්ථාවක් උදා වී නැත.
විලියම් කුමරුන් ලබා ගත්තේ කුමන එන්නදැයි මාධ්‍ය වාර්තා කර නැත. බ්‍රිතාන්‍යයේ අවුරුදු 3 ට වැඩි බොහෝ දෙනාට ලබා දීම සිදුවූයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය. කෙසේ නමුත් රුධිර කැටි ගැසීම් වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා එම එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව පැවැසෙයි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පියා චාල්ස් කුමරු කොරෝනා ආසාදිතයකු විය. ඉන් දින කිහිපයකට පසු 38 හැවිරිදි විලියම් කුමරුන් ද ආසාදිතයකු බව තහවුරු විය.
එන්නත ලබා ගැනීමෙන් පසු කොරෝනා වසංගතය හමුවේ උදාර සේවයක් ලබා දෙන බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශයට ස්තුති කිරිමට ද විලියම් කුමරු අමතක නොකළේය. ඒ ට්විටර් පණිවුඩයක් ඔස්සේය.
ලන්ඩනයේදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන්න වෙන එකක් එහෙම නැද්ද?
අපේ රටේ නම් රට කන බලපුළුවන්කාරයින් ටික තමයි ඉස්සරවෙලා විදගත්තේ. එක එකාට වඳින බයියෝ ඉන්න රටක අවනීතිය රජකරනවා.