‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා බැට කන ඉන්දියාවට යෙන් බිලියන 5.5ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක) අමතර මූල්‍ය ආධාරයක් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි ඉකුත් දා පැවැසීය.
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව මේ වනවිට දරුණු සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර රට තුළ ඔක්සිජන්, ඇඳන් සහ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම්වලද හිඟයක් නිර්මාණය වී තිබේ.
ජපාන විදේශ අමාත්‍ය මොටෙගි සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ ඉකුත් දා සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන්දියාවට ආධාර ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම හමුවේදීය.
ඉන්දියාවට ස්වසන යන්ත්‍ර 300ක් සහ ඔක්සිජන් සපයන යන්ත්‍ර (ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස්) 300ක් එවන බව ද ජපානය ඉකුත් සෙනසුරාදා පැවැසීය.
ඒ.එෆ්.පී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd