IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉඩක් ලැබුණු සැණින් කිම් ජොන් උන් හමුවෙනවා

 

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි.

දකුණු කොරියා ජනාධිපතිවරයා ඇමෙරිකාවට පැමිණියෙත්,‍ ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවූයේත්, බයිඩන් කළ ඇරැයුමකට අනුවය.

ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් සහ දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

කලාපීය ආරක්ෂක කටයුතු සහ චීනයෙන් එල්ල වන තර්ජව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු උතුරු කොරියාව කෙරෙහි බයිඩන්ගේ අවධානය යොමුවුණැයි පැවැසෙයි.

බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූ ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, පැවැත්වූ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා දිගටම පවත්වාගෙන යෑමට තමන් කැමැති බවත්, අවස්ථාවක් ලැබුණු සැණින්, තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවන බවත් බයිඩන් පැවැසුවේ, මූන් ජේ ඉන් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවුණු අවස්ථාවේදී, උතුරු කොරියාව වෙනුවෙන් නව නියෝජිතයකු පත් කිරීමට ද බයිඩන් කටයුතු කළේය.

උතුරු කොරියාව වෙනුවෙන්ල පත් කළ විශේෂ නියෝජිතයා වන්නේ අත්දැකීම් බහුල පරිනත රාජ්‍ය තාන්ත්‍රිකයකු වන සුන් කිම් ය.

බයිඩන්ට පෙර ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, උතුරු කොරියා නායක හමුවී සාකච්ඡා පැවැත්වීමට මඟ සකස් කර දුන්නේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ය. එසේ වූයේ මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙනි.

ඉන්පසු අවස්ථා තුනකදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡාවලින් පසු උතුරු කෙරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කළත්, එය ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් සිදු නොවිණි.

වොෂින්ටනයේදීය (රොයිටර්)



අදහස් (0)

ඉඩක් ලැබුණු සැණින් කිම් ජොන් උන් හමුවෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site