ඉන්දියාව එරට වැසියන්ට රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත ලබාදීම අද (14) ආරම්භ කළේය.
රුසියාවෙන් ආනයනය කරන ලද ‘ස්පුට්නික් V’ මෙලෙස එරට වැසියන්ට ලබාදෙන අතර ඉන්දියාවේ ඖෂධ සමාගමක් වන ‘ඩොක්ටර් රෙඩ්ඩීස්’ සමාගමේ මූලිකත්වයෙන් මෙම එන්නත ලබාදෙයි.
මෙම එක එන්නත් මාත්‍රාවක් ඉන්දීය රුපියල් 948ක් ලෙස මිල කර තිබෙන අතර ඊට එරට භාණ්ඩ හා සේවා බද්ද ද එකතු වේ. මෙම බදු අගය එන්නත් මාත්‍රාවේ මිලෙන් සියයට පහක් වේ.
ඒ අනුව එන්නත මිලක ඉන්දීය රුපියල් 955.40කි. කෙසේ නමුත් ‘ස්පුට්නික් V’ එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සූදානම් අතර එලෙස නිෂ්පාදනය කළ පසු එන්නතක මිල මීට වඩා අඩුවනු ඇතැයි පැවසේ.
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත සියයට 91.6ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර එම එන්නතෙන් ද මාත්‍රා දෙකක් ලබා දිය යුතු ය.
(ඉන්දියා ටුඩේ)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියානුවන්ට ස්පුට්නික් 5 දීම ඇරඹේ