ඉන්දියාව එරට වැසියන්ට රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත ලබාදීම අද (14) ආරම්භ කළේය.
රුසියාවෙන් ආනයනය කරන ලද ‘ස්පුට්නික් V’ මෙලෙස එරට වැසියන්ට ලබාදෙන අතර ඉන්දියාවේ ඖෂධ සමාගමක් වන ‘ඩොක්ටර් රෙඩ්ඩීස්’ සමාගමේ මූලිකත්වයෙන් මෙම එන්නත ලබාදෙයි.
මෙම එක එන්නත් මාත්‍රාවක් ඉන්දීය රුපියල් 948ක් ලෙස මිල කර තිබෙන අතර ඊට එරට භාණ්ඩ හා සේවා බද්ද ද එකතු වේ. මෙම බදු අගය එන්නත් මාත්‍රාවේ මිලෙන් සියයට පහක් වේ.
ඒ අනුව එන්නත මිලක ඉන්දීය රුපියල් 955.40කි. කෙසේ නමුත් ‘ස්පුට්නික් V’ එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සූදානම් අතර එලෙස නිෂ්පාදනය කළ පසු එන්නතක මිල මීට වඩා අඩුවනු ඇතැයි පැවසේ.
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත සියයට 91.6ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර එම එන්නතෙන් ද මාත්‍රා දෙකක් ලබා දිය යුතු ය.
(ඉන්දියා ටුඩේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd