IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කාබන් විමෝචනය වැඩිම රට චීනය

චීනය පිට කරන හරිතාගාර වායු ප්‍රමාණය (කාබන් විමෝචනය) ලෝකයේ සියලුම සංවර්ධිත රටවල් ඒකාබද්ධව පිට කරන හරිතාගාර වායු ප්‍රමාණයට වඩා වැඩි යැයි නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.

රෝඩියම් කණ්ඩායම සිදු කරන ලද පර්යේෂණයකට අනුව ලෝකය පිට කරන ලද හරිතාගාර වායු ප්‍රමාණයෙන් සියයට 27ක් නිකුත් කර ඇත්තේ චීනය යි.

රෝඩියම් පර්යේෂණ ආයතනයට අනුව ඇමෙරිකාව පිට කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 11 කි. එහි තෙවැනි තැන සිටින්නේ ඉන්දියාව යි. ඉන්දියාව නිකුත් කර ඇති හරිතාගාර වායු ප්‍රමාණය සියයට 6.6කි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ එකඟතාවයකින් යුතුව දේශගුණික විපර්යාස වැළැක්වීම අපහසු යැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.  

චීනයෙන් පරිසරයට නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය පසුගිය දශක තුනක කාලයේ දී තුන් ගුණයකින් වැඩි වී ඇතැයි රෝඩියම් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

රෝඩියම් යනු ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගෙන පිහිටි පර්යේෂණ ආයතනයකි.

ආසියාවේ බලවතා වන චීනය ලොව වැඩිම ජනගහනයක් සිටින රට ද වේ. එම නිසාම ඒක පුද්ගල වායු විමෝචනය අතින් චීනය ඇමෙරිකාවට පසුපසින් පසුවෙයි. කෙසේ නමුත් එම වායු විමෝචනය ද වැඩි වී ඇතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. පසුගිය දශක දෙකක කාලයේ දී එම වායු විමෝචනය ද තුන් ගුණයකින් වැඩි වී ඇත.

වසර 2060 වනවිට හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට චීනය අවධාරණය කර ඇත. කෙසේ නමුත් චීනයේ හරිතාගාර වායු විමෝචනය 2030 කලියෙන් උච්ඡතටම අවස්ථාවට පැමිණෙන්නේ නැතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ දේශගුණික සමුළුව ඉකුත් මාසයේ දී පැවැත්විණි.

සිය පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරන බව එම සමුළුව ඇමතූ චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැවැසීය.

“මනුෂ්‍ය වර්ගයාට බෙදාහදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ අපගේ වගකීමත් තිරසර සංවර්ධනය සුරක්ෂිත කිරීමේ අපගේ අවශ්‍යතාවත් වෙනුවෙන් අපි මෙම උපායමාර්ගික තීරණය ගත්තා” යැයි චීන ජනාධිපතිවරයා එහිදි පැවැසීය.

කෙසේ නමුත් චීනය ගල් අඟුරු මත විශාල වශයෙන් යැපෙයි.  

චීනය වර්තමානය වනවිට ගල් අඟුරු බලාගාර 1,058ක් පවත්වාගෙන යන අතර එය ලෝකයේ ගල් අඟුරු බලාගාර ධාරිතාවයෙන් අඩකටත් වඩා වැඩි ය.

වසර 2015 දී අත්සන් තබන පැරිස් සම්මුතියට අනුව ලොව රටවල් 197ක් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශකට දෙකට වඩා අඩු අගයක පවත්වාගෙන යෑමට පොරොන්දු විය.

කෙසේ නමුත් ලෝකය එම ඉලක්කයට ළඟා වීමට බොහෝ ඈතින් සිටියි.  

බී.බී.සී.



අදහස් (1)

කාබන් විමෝචනය වැඩිම රට චීනය

kapila Sunday, 16 May 2021 11:54 AM

චීනෙට මඩ ගහන්න එපා... අපිත් දැන් චීන වැසියන් වගේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site