ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ, බටහිර බෙංගාල, ඇසෑමය සහ පුඩුචෙරි යන ප්‍රාන්තවල අදියර කීපයක් යටතේ පැවැති ප්‍රාන්ත සභා මැතිවරණ සියල්ල අද (29) අවසන් විය.
අවසානයට පැවැත්වූයේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයයි. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය අදියර 8 ක් යටතේ පැවැත්විණි. බෙංගාල මැතිවරණය ආරම්භ වූයේ පසුගිය මාර්තු 27 වැනිදාය.
මැතිවරණ සියල්ලේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන මැයි දෙවැනිදා සිදුවනු ඇතැයි ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජයග්‍රහණය සමරා ජන රැලි පැවැත්වීමෙන් වළකින්නැයි ඉන්දීය මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ. ඒ, දිනෙන් දින උත්සන්න වන කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමිනි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ අවසන්