ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ නඩු විභාගය සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි.
ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත විය. ජූරි සභාව පැය 10 ක් තිස්සේ සාකච්ඡා පවත්වා අවනස් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ට පුද්ගල ඝාතන චෝදනා 3 ක් එල්ල වී තිබුණු අතර ඔහු එම චෝදනා තුනටම වරදකරු විය.
පසුගිය 2020 මැයි 25 වැනිදා, ඩෙරික් චෝවින්, ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගත්තේ ෆ්ලොයිඩ් ට මාංචු දමා බිම පෙරළා, දණ නවා ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකර ගනිමිනි. එම සිදුවීම ජංගම දුරකතන හරහා පටිගත වුණු අතර, පසුව එය ඇමෙරිකන් මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ මහත් කම්පනයක් ඇති කරමිනි. ‘මට හුස්ම ගන්න බෑ’ යනුවෙන් ෆ්ලොයිඩ් කෙඳිරි ගාමින් සිටින අයුරු ද වීඩියෝවෙන් දකින්න ලැබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවස් සැප ලැබේවා...
ලංකාවෙත් නඩු ඇහුවොත් (හරි විදිහට) පොලිසියෙන් බාගයක් හිරේ