(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2026 ආසියානු කාන්තා පාර්ලිමේන්තු සංසදයේ (Asian Women Parliamentary Caucus) වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සම සභාපතිනිය  නීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය සහභාගී වූවාය.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති මෙම රැස්වීමේදී ඉන්දියාව, පාකිස්තානය, ජපානය, නේපාලය, මාලදිවයින, තායිවානය, පිලිපීනය සහ මැලේසියාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ දේශපාලනය තුළ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.