ඇමෙරිකානුවන් මිලියනයකට වැඩි පිරිසක්, ඔවුන්ට ලබා දුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වන බව එරට වසංගත රෝග මර්දන ඒකකය පවසයි.
එන්නත්කරණ වැඩසටහන යටතේ ඇමෙරිකානුවන්ට එන්නත් වර්ග 3 ක් ලැබේ. එයින් දෙකක් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් වන අතර තෙවැන්න 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතය.
'ෆයිසර්' සහ 'මොඩර්නා' මාත්‍රා දෙකකින් සමන්විත වන අතර 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එක් මාත්‍රාවකින් පමණක් සමන්විතය. කෙසේ නමුත් රුධිර කැටි ඇතිවන බැවින් 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත මේ වනවිට ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට ඔවුන් ලබා ගත් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්වල දෙවැනි මාත්‍රාව අප්‍රේල් මාසයේ ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් ඔවුන් එම එන්නත් ලබා ගෙන නැති බව වසංගත රෝග මර්දන ඒකකය පවසයි. ඊට හේතුව වී ඇත්තේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු ඇතිවුණු සුළු සංකූලතා නිසාය.
“ෆයිසර් සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ දෙනකු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වනවා. ඒ සුළු වශයෙන් ඔවුන්ට ඇති වුණු සංකූලතා නිසයි. කොවිඩ් 19 වයිරසයෙන් එල්ල වන බලපෑමට වඩා ඔවුන් මෙම සංකූලතාවලට බියයි. එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බොහෝ දෙනා මැලිවන්නේ ඒ නිසයි” යැයි ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකය පැහැදිලි කර තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙවැනි මාත්‍රාව ලබා ගන්න ඇමෙරිකානුවෝ මැලිවෙති