ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට හොංකොං බලා පැමිණි ගුවන් යානයක මගීන් 49 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් යානා අවලංගු කිරීමට හොංකොං බලධාරීහු තීරණය කර තිබේ.
මෙම ආසාදිතයන් 49 හමුවී ඇත්තේ, පසුගිය අප්‍රේල් 4 වැනිදා, ඉන්දියාවේ ‘විස්තාරා’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි මගීන් අතරින් යැයි හොංකොං බලධාරීහු පවසති.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් පිලිපීනයෙන් මෙන්ම පාකිස්තානයෙන් ද පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නවතා දැමීමට හොංකොං ගුවන් පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ, එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.
හොංකොංහිදීය (රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd