IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සෞඛ්‍ය අංශවල සහායට ඉන්දීය ගුවන් හමුදාව කැඳවයි

ඉන්දියාවේ තත්ත්වය උත්සන්න වීමත් සමඟ වෛද්‍ය අංශවල සහායට ඉන්දීය ගුවන් හමුදාව කැඳවා ඇත.

ඒ අනුව ඔක්සිජන් ටැංකි සහිත කන්ටේනර් රථ, සිලින්ඩර්, අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉන්දියාවේ විවිධ ස්ථාන සඳහා රැගෙන යෑමට ඉන්දීය ගුවන් හමුදාව සහාය දක්වනු ඇත.

ඉන්දියාව තුළ පැතිර යන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ලත් සමඟ ඉන්දියාවේ ඔක්සිජන් අවශ්‍යතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් ඉන්දියාවේ සෑම ප්‍රදේශයකටම ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු වෛද්‍ය අවශ්‍යතා කඩිනමින් අවශ්‍ය වී තිබේ.

මේ හේතුවෙන් නව කොරෝනා වයිරස වසංගතය මර්දනය කිරීමේ ඉන්දීය රජයේ කර්තව්‍යයට සහාය වීම සඳහා මෙලෙස ඉන්දීය ගුවන් හමුදාව කැඳවා තිබේ.

ඉන්දීය ගුවන් හමුදාවේ නිලධාරීන්ට අනුව ඉන්දීය ගුවන් හමුදාව මේ වනවිටත් කෝචි, මුම්බායි, විසාග් සහ බෙංගලූරුහි සිට දිල්ලියේ පිහිටි ආරක්ෂක සංවර්ධන පර්යේෂණ ආයතනය වෙත වෛද්‍යවරුන් සහ හෙද කාර්යමණ්ඩල ගුවනින් ප්‍රවාහනය කර ඇත. දිල්ලියේ පිහිටි ආරක්ෂක සංවර්ධන පර්යේෂණ ආයතනය සහ එම පරිශ්‍රයේ මේ වනවිටත් වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ගුවනින් ප්‍රවාහනය කර ඇත.

“ගුවන් හමුදාව ආරක්ෂක සංවර්ධන පර්යේෂණ ආයතනය තිබෙන ඔක්සිජන් ටැංකි බැංගලෝරයේ සිට දිල්ලියේ තිබෙන ‘කොවිඩ්-19’ මධ්‍යස්ථාන වෙත ගුවනින් ප්‍රවාහනය කළා” යැයි තවත් නිලධාරියෙක් කීය.

මේ අතර ඉන්දියාව පුරා පීඩාවට පත්ව සිටින ජනතාවට සහාය දැක්වීමටත් සෞඛ්‍ය අංශවලටත්, ‘කොවිඩ්-19’ මර්දනය කිරීමේ ඉන්දීය රජයේ ක්‍රියාන්විතයටත් සහාය දැක්වීම ආරක්ෂක අංශ සියල්ලට උපදෙස් දී ඇතැයි ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවැසීය.

‘ඉන්දියා ටුඩේ’ ඇසුරිනි



අදහස් (0)

සෞඛ්‍ය අංශවල සහායට ඉන්දීය ගුවන් හමුදාව කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site