IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කැනඩා අගමැති ට ඔක්ස්ෆර්ඩ් එන්නත

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ සෝෆී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත්හ.

අග්‍රාමාත්‍යවරයා සහ බිරිඳ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධියක් ලබා දීම සිදුවිය. ඒ, ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත්, ලබා ගැනිමට හැකි ඕනෑම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගන්නා ලෙසත් කැනඩා වැසියන් දැනුවත් කරමිනි.

ටෘඩෝ සහ බිරිඳ සෝෆී එන්නත් ලබා ගත්තේ ඔන්ටෙරියෝ හි ඔටාවා නුවර ඔසුහලකදීය. එන්නත ලබා ගනිද්දී, චකිතයට පත්වුණු අග්‍රාමාත්‍යවරයා අසල අසුන් ගත් බිරිඳගේ අතින් අල්ලා ගැනීමට අමතක නොකළේය.

මේ වනවිට කැනඩාවේ ආසාදිතයන් යළි වැඩිවිමට පටන්ගෙන තිබේ. දෛනික ආසාදිතයන් 8,600 තෙක් අඩුවී තිබුණ ද දැන් එය 15,000 ට වඩා ඉහළ අගයක් ගන්නා බව පැවැසෙයි.

වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා ලෙසත්, සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් එන්නත ලබා ගැනීමෙන් පසු කැනඩා අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බිරිඳ සෝෆී ට වයිරසය ආසාදනය විය. ඒ ඇය බ්‍රිතාන්‍යයේ සංචාරයක් අවසන් කර ආපසු පැමිණෙද්දීය. කෙසේ නමුත් ඇය ඉක්මණින් සුවය ලැබුවාය.

(රොයිටර්)



අදහස් (0)

කැනඩා අගමැති ට ඔක්ස්ෆර්ඩ් එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site