අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව ඔක්සිජන් බවට පරිවර්තනය කිරීමට අඟහරු ග්‍රහයාට යැවුණු ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය සමත් වුණු බව නාසා ආයතනය ඊයේ (22) පැවැසීය.
අඟහරු වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින්, ඒවායින් ඔක්සිජන් නිපදවීමක් කළ පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි.
එපමණක් නොව, පෘථිවි විද්‍යාඥයන්, විශ්වයේ ග්‍රහලොවක ඔක්සිජන් නිපදවීමක් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
‘පර්සිවියරන්ස්’ යනු රෝද හයකින් සමන්විත රොබෝ රෝවර් යානයකි. මෙම යානය අඟහරු මතට පතිත කළේ පසුගිය පෙබරවාරියේය.
‘පර්සිවියරන්ස්’ අති නවීන තාක්ෂණයෙන් නිපදවන ලද උපාංග රැසකින් සමන්විත වෙයි.
කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීමට, ‘මොක්සි’ යන කෙටි නමින් විශේෂ උපාංගයක්, ‘පර්සිවියරන්ස්’ රෝවරයට සවි කර තිබේ.
මෙම උපාංගය ප්‍රමාණයෙන් කාර් බැටරියක් තරම්ය. මෙය සවි කර ඇත්තේ ‘පර්සිවියරන්ස්’ රෝවරයේ දකුණු දෙසිනි. ‘මොක්සි’ උපකරණය ගසක් වැනිය.
ගසක ප්‍රභාසංස්ලේෂණය සිදුවන අයුරින් කෘත්‍රිමව ‘මොක්සි’ උපකරණයෙන් කාබන්ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් නිපදවීම සිදු කෙරේ.
නාසා ආයතනයේදීය (රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ඔක්සිජන් නැතුව මිනිස්සු මැරෙනවා ... මෙයාලා අඟහරු ලොවේ ඒවා නිපදවනවා.
ඔක්කොම කියන්නේ මේ පළමු අවස්ථාව කියලා. මීට අවුරුදු ලක්ෂ 200,000 කට විතර කලිනුත් ඔය සෙල්ලම කළා. තවත් ඉදිරියට ගිහිල්ලා ආලෝක වර්ෂ දහස් ගණනක් ඇතින් තිබෙන ග්‍රහලෝකවල නිවාඩු නිකේතනත් හැදුවා. අන්තිමට පරිගනයක දෝෂයක් නිසා ඈත අභ්‍යාවකාශයේ දවා තිබු න්‍යෂ්ටික අවි ටික ඇවිල්ලා හිටපු ජීවින්ගෙන් 97% ක් විනාශ වෙලා ඉතුරු ජීවින් ටික නව ගල්යුගයකට ගෙනිච්චා. තව අවුරුදු 1600ක් විතර ගියාම ඔය සිදුවීම ආපහු සිදුවෙනවා. සියලු විනාශයන් වෙන්නේ මනුෂ්‍යාගේ තිබෙන සැකය සහ අධික තණ්හාව නිසා..