‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන ‘කොවිෂීල්ඩ්’ සහ ‘කොවැක්සින්’ එන්නත් අනිවාර්යයෙන් ලබා ගන්නා ලෙසත්, කොරෝනා වසංගතයට ඇති එකම පිළියම එන්නත් ලබා ගගැනීම බවත් ඉන්දීය වෛද්‍යවරු පෙන්වා දෙති.
‘කොවිෂීල්ඩ්’ යනු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතය. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත නිපදවන්නේ ඉන්දියාවේ පූනේ නුවර සේරම් ආයතනයයි.
‘කොවැක්සින්’ යනු ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම නිපදවන කොරෝනා වළක්වන එන්නතය. මෙම එන්නත සියයට සියයක් ඉන්දීය නිෂ්පාදනයක් වන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය මැති ඇමැතිවරුන් ලබා ගෙන ඇත්තේ ද මෙම ‘කොවැක්සින්’ එන්නතය.
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඉන්දියානුවන් ද ආසාදිතයන වන බව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, බොහෝ දෙනකු එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බව ද වාර්තා වේ.
වයිරස ව්‍යාප්තිය නැවැතිය හැක්කේ එන්නත් ලබා ගැනීමෙන් පමණක් යැයි ඉන්දීය කොරෝනා මර්දනය පිළිබද කාර්ය සාධක බලකායේ ප්‍රධාන වෛද්‍ය වී.කේ. පෝල් අවධාරණය කර තිබේ.
‘කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස කොවිෂීල්ඩ් එන්නත් 10,000 ක් ලබා දී තිදෙනකුට වයිරසය ආසාදනය වී තිබෙනවා. කොවැක්සින් එන්නත් 10,000 ක් ලබා දුන් පසු සිවු දෙනකුට වයිරසය ආසාදනය වී තිබෙනවා. එන්නත් දෙකම ලබා ගත් අයට වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව ඉතා අඩුයි. පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අය වයිරසය ආසාදනය වී මියයෑමේ ප්‍රතිශතය අඩුයි’ යැයි වෛද්‍ය වී.කේ. පෝල් පැහැදිලි කර තිබේ.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
එන්නත් විශ්වාස කරන්න: ඉන්දීය වෛද්‍යවරු කියති