IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් සමුගනී

1969 වසරේ ඇපලෝ 11 සඳ ගමනට එක්වුණු නාසා ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. කොලින්ස් 90 හැවිරිදි වියෙහි පසුවිය.

මයිකල් කොලින්ස් පසුගිය වසර කීපයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුයෙන් ප්‍රතිකර ලබමින් සිටියේය.

2019 දී සඳ ගමනට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ සැමරුමට ද කොලින්ස් සහභාගී විය.

නීල් ආම්ස්ට්‍රෝං පළමු මිනිසා ලෙස සඳ මත පය තැබුවේ ඇපලෝ 11 මෙහෙයුමේදීය.

නීල් ආම්ස්ට්‍රෝං සමඟ තවත් දෙදෙනකු එම චන්ද්‍ර මෛහයුමට එක්වුණු අතර මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඔවුන් දෙදෙනාය.

මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඊගල් චන්ද්‍ර යානයේ නැගී සඳට ගොස් ආපසු එනතුරු සඳුගේ කක්ෂයට වී මවු යානයේ රැදී සිටියේ මයිකල් කොලින්ස්ය.

සඳ ගමනට එක් වී, සඳට යෑමට නොහැකි වුණු මිනිසා ලෙස ද කොලින්ස් සැලකෙයි.

නීල් ආම්ස්ට්‍රෝං දිවියෙන් සමුගත්තේ 2012 වසරේදීය. ඒ අනුව මේ වනවිට ඉතිරිව සිටින්නේ බස් ඕල්ඩ්‍රීන් පමණි. ඕල්ඩ්‍රීන්ගේ වයස අවුරුදු 91 කි.

(බීබීසී)



අදහස් (0)

සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 10 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site