කොවිඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021 ඔස්කාර් සම්මාන උළෙල, අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වූ අතර එහිදී හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝමැඩ්ලෑන්ඩ් (Nomadland) චිත්‍රපටය වෙනුවෙන් හිමිවිය.
93 වැනි වරටත් පැවති මෙම සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වෙනුවෙන් මෙවර සම්මාන උළෙලේදී චිත්‍රපට 8ක් නිර්දේශ වී තිබූ අතර ඉන් නෝමැඩ්ලෑන්ඩ් (Nomadland) චිත්‍රපටය සම්මාන හිමි කර ගත්තේය.

හොඳම නිළිය සහ අධ්‍යක්ෂකවරිය

හොඳම සහාය නළුවා

හොඳම සහාය නිළිය

හොඳම නළුවා
එහිදී හොඳම නළුවාට හිමි සම්මානය ‘ ද ෆාදර් ‘ (The Father) චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක්වූ ඇන්තනී හොප්කින්ස් (Anthony Hopkins) විසින් හිමිකර ගත් අතර නෝමැඩ්ලෑන්ඩ් ' චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක්වූ ෆ්‍රාන්සස් මැක්ඩොමෑන්ඩ් 2021 වසරේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවාය.
83 හැවිරිදි වියේ පසුවන ඇන්තනී හොප්කින්ස් ඔස්කාර් සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත් වයස්ගතම පුද්ගලයා ලෙස සැලකේ.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය චීන ජාතික ක්ලෝයි ෂාඕ හට හිමිවුවාය. ඔස්කාර් සම්මාන උළෙලකදී ආසියාතික කාන්තාවක් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරිය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වෙයි.
හොඳම සහාය නිළිය ලෙස 'මිනාරි' චිත්‍රපටය වෙනුවෙන් යූ-ජුන්-යුන් හට හිමි වූ අතර හොඳම සහාය නළුවා ලෙස 'ජුදාස් ඇන්ඩ් ද බ්ලැක් මෙසායා' චිත්‍රපටය වෙනුවෙන් ඩැනියෙල් කළුයුයා හට සම්මානය හිමි විය.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2021 ඔස්කාර් සම්මාන උළෙල