කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින්, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන කිසිවකුට තම රටට ඇතුළුවීමට අවසර නොදෙන බව කැනඩාව නිවේදනය කර තිබේ.
මෙම තහංචිය දින 10 ක් පුරා ක්‍රියාත්මක වනු ඇතැයි ද කැනඩා රජය පවසා ඇත. මේ වනවිට කැනඩාවේ ද යළි කොරෝනා වැඩිවීමක් දකින්න ලැබේ. ලොව නන්දෙසින් හමුවුණු විකෘති කොරෝනා ප්‍රභේද කැනඩාවෙන් ද හමුවීම ඊට හේතුවය.
මේ වනවිට ඉන්දියාවෙන් ද්විත්ව කොරෝනා වයිරස විකෘතියක් පමණක් නොව, ත්‍රිත්ව කොරෝනා විකෘතියක් ද හමුවී ඇත.
ඉන්දියාවේ දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 පසු කිරීමට පටන්ගෙන ඇත්තේ මෙම විකෘති කොරෝනා වයිරස යැයි පැවැසෙයි.
මීට අමතරව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද පවසා ඇත්තේ ඉන්දියානුවන්ට දොර වැසීමට තමන් තීරණය කළ බවය.
මහා බ්‍රිතාන්‍යය ද ඉන්දියාවේ සිට පැමිණෙන කිසිවකුටවත් එරටට ඇතුළුවීමට ඉඩ දෙන්නේ නැත. ඉන්දියාවේ සිට පැමිණෙන බ්‍රිතාන්‍ය වැසියන් පමණක් රටට ඇතුළත් කර ගන්නා නමුත්, ඔවුන් දින 14 ක් නිරෝධානයේ රැදී සිටිය යුතු බවත් සෞඛ්‍ය අංශ පවසා ඇත.
මේ වනවිට ඉන්දියාවේ පැතිරෙන ද්විත්ව මෙන්ම ත්‍රිත්ව කොරෝනා විකෘති ද මහා බ්‍රිතාන්‍යයට පැතිර ගොස් අවසන්ය.
ඔටෝවාහිදීය (රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානුවන්ට ලෝකයේ රටවල් ගණනාවකට ඇතුල්වීම තහනම් කෙරේ. අල්ලපු රටට පැමීණීමට (ශ්‍රී ලංකා) තවමත් ඔවුන්ට හැකිය.
ඒ මොන රටවල් වලින් ඉන්දියානුවන්ට දොර වැහුවත්, සල්ලි අරගෙන එනවා නම් ලංකාවේ බලධාරීන් මල්මාලා දාලයි පිළිගන්නේ? දැන් ගොඩක් අයට අමතක වුණාට ඉන්දියන් ජාතික තරුණියන්ව මල් මාල දාලා පිළිඅරගෙන, කොරෝනාත් සුව කරලා උම්මා දීලා පිටත් කරපු විදිහ අපට අමතක නැහැනේ... හැබැයි අන්තිමේ දොස් කිව්වේ නම්, විදෙස් ගත ලාංකික මිනිස් බෝම්බ මේ රටට කොරෝනා අරන් ආවා කියලයි. ඒ වගේ පිටරැටියන්ට දත් තිස් දෙකම පෙන්නලා විරිත්තලා දන නවන, ලාංකිකයින්ට රවලා පයින් ගහන තුප්පහි ජාතියක් තමයි මේ සිරි ලංකාවේ ජීවත් වෙන්නේ...!!