රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රිම ස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
මුවට මුව තබා කෘත්‍රිම ස්වසන දෙමින් තම සැමියා බේරා ගන්න වෙර දරන මේ කාන්තාව රේණු සිංගාල් නැමැත්තිය යැයි ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.
මෙම කාන්තාව සහ සැමියා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පදිංචිකරුවන්ය.
කොතරම් උත්සාහ කළත්, රේණු සිංගාල් ට සිය සැමියා රවී සිංගාල්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණු බවත් ඔහු ත්‍රී රෝද රියේදීම අවසන් සුසුම්හෙලූ බවත් එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුක්මුසු අවස්ථාවක්, චීනේ මේ ඉස්සරවෙලාම හැදුණ වෙලාවේ ලෝකට කියලා ජාත්‍යන්තර ගමන් මාසයක් දෙකක් නැවැත්තුවා නම් මේ වගේ වෙන්නේ නැ. ඒ වගේම ඉන්දීය අගමැති මෝදි ගිය සතියේ වෙකල්ම ඡන්ද රැස්වීම් තිබ්බේ දහස් ගණන් එකතු කරගෙන. මාස්ක් මොකුත් නැතුව... අපේ පැට්ටිය වගේමයි... අපේ වගේ රටවල් කරුමෙට වගේ අපත නායකයෝ පත් කරගන්නවා උන්ට ජනතාව ගැන කිසිම හැඟිමක් නැ.
යශෝධරාවක්...