ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නැන්දණිය වන නර්මදාබෙන් මෝදි, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
80 හැවිරිදි නර්මදාබෙන් කොරෝනා වයිරසය ආසාදනය වී, පසුගිය දින 10 පුරා රෝගී වී ප්‍රතිකාර ලබමින් සිටි බවත්, ඇය අද (28) උදෑසන අහ්මෙදාබාද් නුවර අශ්‍රාවා රෝහලේ දී අවසන් සුසුම් හෙලූ බවත් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ බාල සොහොයුරු ප්‍රහ්ලාද් මෝදිය.
නර්මදාබෙන් මියගොස් ඇත්තේ ස්වසන අපහසුතා උත්සන්න වීමෙන් යැයි නර්මදාබෙන් පුත්‍රයා පවසා තිබේ. නර්මදාබෙන්, අග්‍රාමාත්‍ය මෝදිගේ පියා දමෝන්ද්‍රදාස්ගේ බාල සොහොයුරා වන ජග්ජිවේන්දාස්ගේ බිරිඳ ය. ජග්ජිවේන්දාස් මියගොස් ඇත්තේ මීට වසර 25 කට පෙරය.
අහ්මෙදාබාද් නුවරදීය (එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd