නෝර්වේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට නෝර්වේ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකයකු ලෙස පත්ව ඇත. 05 January 2021
බ්‍රිතාන්‍යට යළිත් අගුළු දමයි දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නැවත වරක් අගුළු දැමීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත. 05 January 2021
ජර්මනියේ අගුළු දැමීමේ සීමා දීර්ඝ කරයි ජර්මනියට දැනට පනවා තිබෙන අගුළු දැමීම් සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. 05 January 2021
දකුණු කොරියානු ධජය සහිතව යාත්‍රා කළ නැවක් ඉරානය අත්අඩංගුවට ගනී දකුණු කොරියානු ධජය සහිතව යාත්‍රා කළ නෞකාවක් අත්අඩංගුවටගත් බව ඉරාන මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. 04 January 2021
ඉන්දියාව ’කොවිඩ්-19’ එන්නත් දෙකක් අනුමත කරයි ‘කොවිඩ්-19’ මර්දනය සඳහා ඉන්දියාව ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකකට අනුමැතිය ලබා දී ඇත. 03 January 2021
නෝර්වේහි නායයෑමකින් 10 ක් අතුරුදන් නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 01 January 2021
ස්පුට්නික්-5 එන්නතේ කාර්යක්ෂමතාව ඉහළ බව රුසියානු බලධාරීහු දැනුම් දෙති කොවිඩ් මර්දනය සදහා රුසියාව සොයා ගත් ස්පුට්නික් -5 එන්නතේ කාර්යක්ෂමතාව සියයට 91.4 කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 01 January 2021
ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනසක් ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර නව සංස්කරණය සහිත ගීතය අද (01) සිට ගායනා කරන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි. 01 January 2021
යේමනයේ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. 31 December 2020
ෆයිසර් එන්නතේ මුල් මාත්‍රාව ලබාගත් හෙද නිලධාරියෙකුට කොරෝනා කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමෙන් දින අටකට පසු ඇමරිකාවේ කැලිෆෝනියාවේ හෙද නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 30 December 2020
ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ මර්දන එන්නතට අද (30) බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවිය. 30 December 2020
ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තිරුවානාපුරම් ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් තේරීපත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. කේරළයේ මෑතකදී පැවති නාගරික මැතිවරණයෙන් ඇය ජය ලැබුවාය. 28 December 2020
හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 ක් මරුට ඉරානයේ ටෙහෙරානයට උතුරින් පිහිටි ඇල්බෝර්ස් කඳුවැටියේ දී හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 10 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. 27 December 2020
වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීමෙන් ආසාදිත කළු ජාතික වෛද්‍යවරිය මිය යයි ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇත. 25 December 2020
ඇමෙරිකාවේ ලක්ෂ 10 කට වැඩි පිරිසකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව දී අවසන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලක්ෂ දහයකට වැඩි පිරිසකට මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් යැයි එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මහතා පැවැසීය. 24 December 2020
ප්‍රංශයේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු මරුට ප්‍රංශයේ මධ්‍යම ශාන්ත - ජස්ට් ප්‍රදේශයට නුදුරින් පිහිටි ගම්මානයක තුවක්කුකරුවකු විසින් පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 23 December 2020
කොරෝනා වයිරසයේ නව ප්රබේධය යුරෝපය පුරා පැතිරිලා ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසයේ අලුත් ප්රබේධය යුරෝපය පුරා පැතිර ගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ ප්රමුඛ පෙළේ වසංගත විශේෂඥයකු වන මහාචාර්ය නීල් ෆර්ගසන් අනතුරු අඟවයි. 23 December 2020
ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් වෛද්‍යවරු 4ක් මරුට ඇෆ්ගනිස්ථානයේ අගනුවර කාබුල් හි බන්ධනාගාරයක සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් ගමන් කළ මෝටර් රථයට එල්ලවූ බෝම්බයක් පුපුරායෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත. 23 December 2020
මුම්බායි නුවරට රාත්‍රියේ ඇඳිරි නීතිය බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයෙන් එල්ල විය හැකි අවදානම සලකා බලමින් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ බලධාරීහු අද (22) පියවර ගත්හ. 22 December 2020
බ්‍රිතාන්‍යට-දකුණු අප්‍රිකාවට ජර්මනියෙන් තහනමක් බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයන්ට ලබන ජනවාරි 6 වැනිදා දක්වා රටට ඇතුළු වීම තහනම් කිරීමට ජර්මනිය අද (22) පියවර ගත්තේ ය. 22 December 2020
මිය යාමට ආසන්නව සිටි අලි පැටවකුට යළි ජීවය හෘද ක්‍රියාකාරීත්වය නැවතී මියයෑමට ආසන්නව සිටි කුඩා අලි පැටවකුට යළි ජීවය දීමේ අපූරු පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි. 22 December 2020
ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් ගමන් අත්හිටුවයි කොරෝනා වයිරසයේ නව ප්‍රබේදය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දීය රජය ද තීරණය කර තිබේ. 22 December 2020
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට ඩ්‍රෝන යානාවකින් අත්බෝම්බ දමයි ඩ්‍රෝන යානා වලින් දැමූ බවට සැකකෙරෙන අත්බෝම්බ 11ක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුදාස්පූර් දිස්ත්‍රික්කයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 December 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් ලන්ඩන්හි පැතිරෙයි කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ආශ්‍රිතව සීඝ්රයෙන් පැතිරෙන බව වාර්තා වීමත් සමග යුරෝපීය රටවල් කිහිපයක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සංචාරකයින්ට සීමා පැනවීමට පියවර ගෙන තිබේ. 21 December 2020
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට සීමා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිඩ්නි නුවරට දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද (20) පියවර ගත්හ. 20 December 2020
එංගලන්තයට දැඩි සීමා එංගලන්තයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල සහ ලන්ඩන් නුවර වැසියන්ට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ‘නිවසේ රැඳි සිටීමේ’ නියෝගයක් නිකුත් කළේය. 20 December 2020
පිපිරීමකින් 15ක් මරුට ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. 19 December 2020
ඇමෙරිකානු කොංග්රස් සාමාජිකයන්ටත් කොවිඩ්-19 එන්නත ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසයේ සාමාජිකයන්ට නුදුරේදීම ‘කොවිඩ්-19’ එන්නත ලබාදෙන බව කොංග්‍රසයේ ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය බ්‍රයන් මොනහාන් අද (18) ප්‍රකාශ කළේය. 18 December 2020
උතුරු අයර්ලන්තය සති හයකට අගුලු දමයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දෙසැම්බර් 26 වැනිදා සිට සති හයකට රට අගුළු දමන බව උතුරු අයර්ලන්තය නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මිචෙලා ඔනීල් ඊයේ (17) නිවේදනය කළාය. 18 December 2020
කොරෝනා වැළැක්වීමේ එන්නත ජනවාරියේදී ඉන්දියාවට කොරෝනා වයිරසයෙන් වැළැකීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා වී ඇති එන්නත් කිහිපයක් සඳහා අවසරය ඉදිරි සතිවලදී ලැබෙනු ඇති බවයි. 18 December 2020
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026