
රුසියනු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ 'එක්සත් රුසියා' පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ සමත් විය.
මැතිවරණය පැවැත්වූයේ මහජන නියෝජිතයන් 450 දෙනකු දූමා සභාවට තෝරා ගැනීම සඳහාය. රුසියානු පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'දූමා' සභාව යනුවෙනි.
ඡන්ද ප්‍රකාශ කිරීම දින 3 ක් පුරා පැවැත්වුණු අතර, ඊයේ (19) අවසන් විය. ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වූ සැණින්, ඡන්ද ගණන් කිරීම ආරම්භ වුණු අතර අද (20) උදෑසන සිට ප්‍රතිඵල නිකුත්වීම ඇරැඹිණි.
'කොවිඩ් 19' ආසාදිතයකුගේ මුල් පෙළ ආශ්‍රිතයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කළේය.
අද (20) දහවල් වනවිට සියයට 35 කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගණන් කර අවසන් වෙද්දී, පුටින්ගේ 'එක්සත් රුසියා' පක්ෂය සියයට 45 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
එම අවස්ථාවේදී, රුසියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන 'කොමියුනිස්ට්' පක්ෂය සහ 'ජාතිකවාදී එල්.ඩී.පී.ආර්' පක්ෂයට දිනා ගැනීමට හැකිවී තිබුණේ සියයට 22 ක සහ සියයට 9 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ද පැවැසිණි.
රුසියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් රුසියන් රජය දැඩි ලෙස මර්දනයට ලක් කරයි. මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසුණු අපේකෂකයන් 14 දෙනකුට අධිකරණය තහංචි පනවා තිබුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් මැතිවරණය: පුටින්ගේ පක්ෂයට ජය