
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 71 වැනි ඡන්ම දිනය පසුගිය 17 වැනිදාට යෙදී තිබුණු අතර, එදින විශේෂ එන්නත්කරණ වැඩසටහනක් පැවැත්විණි.
ඒ අනුව, ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්, දිනක් තුළ වැඩිම පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබා දෙමින් ලෝක වාර්තාවක් ද පිහිටුවීය.
ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, පසුගිය 17 වැනිදා අග්‍රාමාත්‍ය මෝදිගේ ජන්ම දිනය නිමිත්තෙන් ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන යටතේ දෙකෝටි පනස් ලක්ෂයක් එන්නත්කරණයට ලක් කෙරුණි.
මීට පෙර දිනක් තුළ වැඩිම පිරිසකට එන්නත්කරණය සිදුකළ රට බවට චීනය පත්ව තිබුණි. එම සංඛ්‍යාව දැක්වුණේ දෙකෝටි හතළිස් හත් ලක්ෂයක් ලෙසය.
ඉන්දියාවේ 'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදුවුවත්, එරට ජනගහනයට සාපේක්ෂව, තවමත් එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබා දී ඇත්තේ ජනගහනයෙන් සියයට 13 ක ප්‍රතිශතයකට පමණි.
මේ වසර අවසන් වීමට පෙර, ජනගහනයෙන් සියයට 60කට මාත්‍රා දෙකම ලබාදී අවසන් කරන බව ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත. කෙසේ නමුත්, එම සියයට 60 ඉලක්කය සම්පූර්ණ කිරීමට නම්, දෛනිකව පුද්ගලයන් කෝටියකට එන්නත් ලබා දීම කළ යුතු බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදිගේ උපන් දිනය දා වැඩිම පිරිසකට එන්නත් දීලා
de silva Sunday, 19 September 2021 06:51 PM
මේ වසර අවසන් වන තෙක් ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14 ක් හෝටල් නිරෝධායනයට යොමු කරන්න ඕනේ