IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජගත් මහ ලේකම්ගෙන් අනතුරු ඇඟවිමක්

එක්සත් ජාතීන්ගේ 76 වැනි සැසිය ආරම්භ කරමින්, මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ලෝකයට බරපතල අනතුරු ඇඟවීමක් කළේය.

ජගත් මහ ලේකම්වරයා මෙසේ අනතුරු ඇඟවීම කළේ, වසර දෙකක් තිස්සේ පවතින 'කොවිඩ් 19' වසංගතය සහ එම වසංගතය හේතුවෙන් නිර්මාණය වුණු ආර්ථික අර්බුදය සහ දිනෙන් දින ඔඩුදුවන දේශගුණික විපර්යාස මුල්කොට ගනිමිනි.

''අපගේ ජීවිත කාලයේ අප මුහුණ දෙන දරුණුතම අර්බුදවලට අද අප මුහුණ දෙනවා. අනතුර පෙනි පෙනී ලෝකය ගමන් කරන්නේ වැරදි දිශාවකට. දැන්වත් ලෝක නායකයන් අවදි විය යුතුයි. ලෝක නායකයන් මේ අර්බුදවල බරපතලකම තේරුම් ගත යුතුයි. එකමුතු වී ඒවාට මුහුණ දිය යුතුයි'' යැයි මහ ලේකම්වරයා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වනු වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික දේශපාලන සංවාදයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජිකයන් 193 දෙනකුගෙන් සමන්විතය. ලෝක නායකයන්ට එකට එකතුවීමට ලැබෙන එකම අවස්ථාව ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය සැලකිය හැකිය. මහා මණ්ඩල සැසිය පැවැත්වෙන්නේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේදීය.

මෙවර පැවැත්වෙන 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ මූලික කටයුතු ආරම්භ වූයේ පසුගිය 14 වැනිදාය. රාජ්‍ය නායකයන් සමුළුවට එක්වෙමින්, දේශන පැවැත්වීම සහ එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වීම ආරම්භ වූයේ ඊයේ (21) සිටය. රාජ්‍ය නායකයන් දේශන පැවැත්වීම සහ එකිනෙකා හමුවී සබඳතා වර්ධනය කර ගැනීම සමුළුවට සමගාමීව ලබන 27 තෙක් පැවැත්වෙයි.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, වසර දෙකකට පසු, මෙවර මහා මණ්ඩල සැසිය රාජ්‍ය නායකයෝ 100 කට වැඩි පිරිසක් නිව්යෝක් නුවරට පැමිණ සිටින බවත්, ඉදිරියේ දී පැමිණීමට නියමිත බවත් පැවැසෙයි. ඊට අමතරව රාජ්‍ය කායකයන් 60 දෙනකු පමණ සමුළුවට සහභාගී වන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අබ්දුල්ලා ෂහීද් ය. අබ්දුල්ලා ෂහීද් මාලදිවයිනේ හිටපු විදේශ ඇමැතිවරයාය. මාලදිවයින දේශපාලනඥයකු මහා මණ්ඩල සැසියේ සභාපති ධුරය හොබවන පළමු අවස්ථාව මෙයයි. සමුළුවට සහභාගී වන සියලු රාජ්‍ය නායකයන් පිළිගනිමින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළේ අබ්දුල්ලා ෂහීද් ය.

(රොයිටර්)



අදහස් (0)

ජගත් මහ ලේකම්ගෙන් අනතුරු ඇඟවිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site