IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කියුබාවේ එන්නත වියට්නාම් වැසියන්ට

කියුබාවේ 'ඇබ්ඩාලා' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, වියට්නාම් වැසියන්ට ලබා දීම ආරම්භ විය. කියුබාව මේ වනවිට 'කොවිඩ් 19' වයිරසය අඩපණ කළ හැකි ප්‍රතිශකත්තිකරණ එන්නත් කීපයක් නිපදවා ඇත. ඒ, ඇමෙරිකාව එරටට පනවා ඇති සම්බාධක මධ්‍යයේය.

කියුබාවේ එන්නත්වලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැත. වියට්නාමය අග්නිදිග ආසියානු රටකි. කියුබාවේ 'ඇබ්ඩාලා' එන්නත ආසියානු රටක වැසියන්ට ලබා දීම සිදුවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

කියුබාව සහ වියට්නාමය කොමියුනිස්ට් රාජ්‍යයන් වන අතර දෙරට අතර සමීප සබඳතා පවතී. කියුබාව ඔවුන්ගේ 'ඇබ්ඩාලා' සම්බන්ධයෙන් වියට්නාම රජය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කළේ පසුගිය ජූනි මාසයේදීය. ඉන්පසු 'ඇබ්ඩාලා' එන්නත දේශීයව නිපදවීමට වියට්නාමය කැමැත්ත පළ කළේය. ඊයේ (18) සිට වියට්නාම් වැසියන්ට ලැබෙන්නේ වියට්නාමයේ නිපදවූ 'ඇබ්ඩාලා' එන්නතය.

'ඇබ්ඩාලා' එන්නත වියට්නාම් වැසියන්ට ලබා දීම සිදුවූයේ එන්නත සම්බන්ධයෙන් වියට්නාම් සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් පුළුල් සායනික අත්හදා බැලීම් සිදු කිරීමෙන් අනතුරුවය. එම අත්හදා බැලීම් සාර්ථක වීමෙන් පසු එන්නත ජනතාවට ලබා දීම සුදුසු යැයි වියට්නාම සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කළේය.

වියට්නාමය 'කොවිඩ් 19' පළමු රැල්ල ඉතාමත් සාර්ථකව පාලනය කර ගත්තේය. කෙසේ නමුත් අද වනවිට 'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් වියට්නාම් වැසියෝ දැඩි පීඩාවට පත් වී සිටිති.

මේ වනවිට වියට්නාමයෙන් වාර්තා වන 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 6,67,650 කි. මරණ වාර්තා වන්නේ 16,637 ක් ලෙසය. වියට්නාමයේ 'කොවිඩ් 19' වයිරසය ඔඩුදුවන්න වූයේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය.

ඒ, ඩෙල්ටා විකෘතියේ ව්‍යාප්තියත් සමඟය. ඊට අමතරව මේ වනවිට වියට්නාමයෙන් ද දෙමුහුන් කොරෝනා විකෘති කීපයක් හමුවී තිබේ.

මිලියන 98 ක් වෙසෙන වියට්නාමයේ එන්නත්කරණ කටයුතු සිදුවන්නේ මන්දගාමීවය. පූර්ණ ලෙස එන්නත්කරණයට ලක් වී ඇත්තේ සියයට 6.3 වැනි සුළු ප්‍රතිශතයකි. වියට්නාම වැසියන්ට මේ වනවිටත් එන්නත් ලබා දීම සිදුවෙයි.

මෙතෙක් නිපදවා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි එන්නත් ඇතුළු එන්නත් වර්ග 7 ක් එසේ වියට්නාම වැසියන්ට ලබා දීම සිදුවන බව ද පැවැසෙයි. 'ඇබ්ඩාලා' එන්නත වියට්නාම වැසියන්ට ලැබෙන අටවැනි එන්නත බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මීට සති කීපයකට පෙර, වියට්නාමයට ඇමෙරිකාවෙන් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් ලැබි ඇත්තේ පරිත්‍යාගයක් ලෙසය. ඒ, ඇමෙරිකාව සහ වියට්නාමය අතර පවතින යහපත් සබඳතා තව තවත් ශක්තිමත් කිරීමක් වශයෙනි.

කියුබාවේ 'ඇබ්ඩාලා' එන්නත වියට්නාම වැසියන්ට ලබා දීම ඊයේ (18) ආරම්භ වීමත් සමඟ වියට්නාම් ජනාධිපති න්ගයෙන් සුවාන් පුල්ක් කියුබාවේ හවානා අගනුවර බලා පිටත්ව ගියේය. ඒ නිල සංචාරයක් වෙනුවෙනි. වියට්නාමය සහ කියුබාවට අමතරව ලෝකයේ සෙසු කොමියුනිස්ට් රාජ්‍යයන් වන්නේ චීනය, ලාඕසය සහ උතුරු කොරියාව පමණි.

ඇමෙරිකාව කියුබාවට සම්බාධක පනවා ඇත්තේ කියුබාවත් ඇමෙරිකාවත් අතර පවතින එදිරිවාදිකම් හේතුවෙනි. ඔබාමා පරිපාලනය පැවැති සමයේ සම්බාධක ලිහිල් කෙරුණත්, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යළි කියුබාවට සම්බාධක පැනැවීමක් කළේය.

එම සම්බාධක මැද කොරෝනා වසංගතයට මුහුණ දෙන කියුබාව දේශීය වශයෙන් නිපදවූ එන්නත් වර්ග කීපයකි. 'ඇබ්ඩාලා' සහ 'සොබර්නා' යන එන්නත් ඒ අතරින් කැපී පෙනෙයි. එයින් ද 'ඇබ්ඩාලා' එන්නත සියයට 92 ක් සාර්ථක බවත් විකෘති කොරෝනා ප්‍රභේද පවා අඩපණ කළ හැකි බවත් පැවැසෙයි. 'ඇබ්ඩාලා' යනු මාත්‍රා තුනක එන්නතකි.

මේ අතර, කියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ වී ඇත. අවුරුදු 2ත් 6ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු රට වන්නේ ද කියුබාවය.

'ඇබ්ඩාලා' සහ 'සොබර්නා' එන්නත් දෙකම කුඩා දරුවන්ට ලබා දීම සිදුවෙයි. දරුවන් සියලු දෙනාට එන්නත් ලබා දී කඩිනමින් පාසල් ආරම්භ කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි සුපුරුදු පරිදි කරගෙන යෑමට කියුබානු රජයේ බලාපොරොත්තුව වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

කියුබාවේ එන්නත වියට්නාම් වැසියන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site