IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


බොක්සිං ක්‍රීඩක පැකියාව් පිලිපීන ජනපති සටනට

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ජනප්‍රිය පිලිපීන බොක්සිං තරුවක වන 43 හැවිරිදි මැනී පැකියාව් පවසයි. මැනී පැකියාව් ලොව විශිෂ්ටතම බොක්සිං ක්‍රීඩකයන් අතරින් කෙනෙකි.

ජාත්‍යන්තරයේ පැසැසුමට ලක් වුණු පැකියාව්, පිලිපීන වැසියන්ගේ වීරයකු ද වෙයි. 'පැක්මෑන්' යන ආදර නාමයෙන් ද හැඳින්වෙන පැකියාව්, දේශපාලනයට පිවිසියේ 2016 වසරේදීය. පැකියාව් පිලිපීන සෙනෙට් සභිකයෙකි.

පිලිපීනයේ පාලක පක්ෂය ලෙස බලයේ තහවුරු කරගෙන සිටින්නේ වාමාංශික 'පී.ඩී.පී. ලබාන්' දේශපාලන පක්ෂය ප්‍රමුඛ සන්ධානයයි. මේ වනවිට මත ගැටුම් හේතුවෙන්, 'පී.ඩී.පී. ලබාන්' පක්ෂය දෙකඩ වී තිබේ. වත්මන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ 'පී.ඩී.පී. ලබාන්' පක්ෂයේ සභාපතිවරයාය. ඩුටර්ටේගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ව්‍යවස්ථාවට අනුව, ඔහුට යළි ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට හැකියාවක් නොලැබේ.

ලබන 2022 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සිදුවෙයි. යළි ජනාධිපති ධුරයට තරග වැදීමට නොහැකි බැවින්, ඩුටර්ටේ පවසා ඇත්තේ තමන් උප ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට සූදානමින් පසුවන බවය. 'පී.ඩී.පී. ලබාන්' පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩුටර්ටේ සහ පක්ෂයේ ඔහුට හිතවත් කණ්ඩායම නම් කර ඇත්තේ සෙනෙට්සභික ක්‍රිස්ටෝපර් බොන්ග් ගෝ ය.

පැකියාව් නියෝජනය කරන්නේ ද මධ්‍ය වාමාංශික 'පී.ඩී.පී. ලබාන්' දේශපාලන පක්ෂයයි. මැනී පැකියෝ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇත්තේ 'පී.ඩී.පී. ලබාන්' පක්ෂයේ ඩුටර්ටේ විරෝධී කණ්ඩායමය. ඒ අනුව, 2020 ජනාධිපතිවරණයේ සටන ඇත්තේ එකම පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු අතරේ යැයි දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (0)

බොක්සිං ක්‍රීඩක පැකියාව් පිලිපීන ජනපති සටනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site