IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්

රුසියනු පාර්ලිමේන්තු මැතිවරණය දින 3 ක් තිස්සේ පැවැත්වුණු අතර 'කොවිඩ් 19' ආසාදිතයකුගේ මුල් පෙළ ආශ්‍රිතයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නිල නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට සිය ඡන්දය ප්‍රකාශ කළේය.

රුසියානු පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'දූමා' මන්ත්‍රණ සභාව යනුවෙනි. මහජන නියෝජිතයන් 450 දෙනකු දූමා සභාවට තෝරා පත් කර ගැනීමට මැතිවරණය පැවැත්විණි. තෙදිනක් පුරා පැවැති මැතිවරණ කටයුතු ඊයේ (19) අවසන් විය. මැතිවරණය දින 3 ක් පැවැත් වූයේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් රුසියානුවන්ට තදබදයකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත යෑමට ඉඩ සලසමිනි.

දේශපාලන පක්ෂ 14 ක නියෝජිතයෝ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. පුටින් විරෝධී විපක්ෂ දේශපාලන පක්ෂ සහ ඒවායේ නියෝජිතයන් බොහෝ දෙනකුට මැතිවරණයට ඉදිරිපත් වීම අධිකරණ නියෝග අනුව තහනම් කර ඇත.

රුසියන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය, මෙවර මොස්තව් ඇතුළු ප්‍රධාන නගර කීපයක ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කර තිබුණි. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක් භාවිතයට ගැනීම සිදුවූයේ 1993 වසරෙන් පසුව යැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site