
ඇමෙරිකාවේ 'ස්පේස් එක්ස්' සමාගමේ, ෆෝල්කන් රොකට්ටුවේ ආධාරයෙන්, ඩ්‍රැගන් කැප්සියුලයේ නැගී පෘථිවි කක්ෂයට ගිය සිවිල් ගගන සංචාරකයන් සිවුදෙනා යහතින් පසුවන බවත්, ඔවුන්ගේ තෙදින අභ්‍යවකාශ සවාරිය හෙට (19) අවසන් වී ඔවුන් යළි පෘථිවියට පැමිණීමට නියමිත බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
'ස්පේස් එක්ස්' යනු ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් ට අයත් සමාගමය. අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා අභ්‍යවකාශ යානා නිර්මාණයේ පුරෝගාමියකු ලෙස 'ස්පෙස් එක්ස්' සැලකෙයි. 'ස්පෙස් එක්ස්' සමාගම නාසා ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර, නාසා ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑම සිදුවන්නේ ද 'ෆෝල්කන්' රොකට් සහ 'ඩ්‍රැගන්' ගගන කැප්සියුල ආධාරයෙනි.
අතමිටසරු ඕනෑම අයකුට අභ්‍යවකාශ සවාරි යා හැකි බව පෙන්වා දෙමින්, ඊට ඉඩ සලසා දෙමින්, ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ මංගල ගගන සවාරිය ආරම්භ කළේ පසුගිය 15 වැනිදාය.
ෆෝල්කන් රොකට්ටුව සහ ඩ්‍රැගන් කැප්සියුලය, සිවිල් ගගනගාමීන් සිවුදෙනා රැගෙන පෘථිවි කක්ෂය බලා පිටත් ව ගියේ ෆ්ලොරීඩා හි බ්‍රෙවාඩ් ප්‍රාන්තයේ, නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. මෙම ගමන මෙහෙයවීම සිදු කරන්නේ නාසා ආයතනයයි. ඒ අනුව, නාසා ආයතනය සිවිල් අභ්‍යවකාශ ගමනකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව මෙයයි.
ස්පේස් එක්ස් සමාගමේ මංගල අභ්‍යවකාශ සවාරිය නම් කර ඇත්තේ 'ඉන්ස්පිරේෂන් 4' යනුවෙනි. ගුවන්ගත වීමෙන් පසු, රොකට්ටුවෙන් වෙන්වුණු ඩ්‍රැගන් කැප්සියුලය, සිවිල් ගගන සංචාරකයන් සිවුදෙනා සමඟ ඉහළ පෘථිවි කක්ෂයට පිවිසියේය. 15 වැනිදා සිට හෙට 19 දක්වා මොවුන් මීටර් 8 ක් උස, මීටර් 4 ක් පළල ඩ්‍රැගන් ගගන කැප්සුලයේ රැඳී සිටිමින්, පෘථිවිය වටා ගමන් කරයි. ඉන්පසු කැප්සියුලය පැරෂූට් ආධාරයෙන් ආපසු පොළොවට පැමිණෙනු ඇත.
ඉයොන් මස්ක් සමඟ සාකච්ඡා කර, ස්පේස් එක්ස් මංගල අභ්‍යවකාශ සංචාරයට සැලැසුම් කළේ 38 හැවිරිදි ජාරෙඩ් අයිසෙක්මන් ය. අයිසෙක්මන් ද බිලියනපතියෙකි. ඔහු තවත් තිදෙනෙක් 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට සම්බන්ධ කරගෙන සිටී. මෙහෙයුමේ සියලු බර පැන දරන්නේ ද අයිසෙක්මන් ය.
අයිසෙක්මන් ස්පේස් එක්ස් සමාගමට කොතරම් මුදලක් ලබා දුන්නේදැයි මෙතෙක් අනාවරණය වී නැත.
29 හැවිරිදි හෙයිලී ආසනෝව්, 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකී සහ 51 හැවිරිදි සියැන් ප්‍රොක්ටර් ජාරෙඩ් අයිසෙක්මන් සමඟ මෙම ගමනට එක් වී සිටිති.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩ ගිය සිවිල් ගගනගාමීන් යහතින්