IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රසීල ජනපතිට විශේෂ අවසරයක්

'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා නොගත් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ඇමෙරිකාවට පැමිණ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූයේ විශේෂ අවසරයක් යටතේය.

මෙවර 76 වැනි මහා මණ්ඩල සැසියේ පළමු දේශනය ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වී තිබුණේ ද බ්‍රසීල ජනාධිපති බොල්සරානෝටය.

නිව්යෝක් නුවරට පැමිණෙන සියලු දෙනා 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව එන්නත් ලබා ගෙන තිබීම අනිවාර්ය වන අතර, නිව්යෝක් නුවරට පැමිණෙද්දී එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වෙයි.

කෙසේ නමුත්, මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා නිව්යෝක් පැමිණෙන රාජ්‍ය නායකයන් එන්නත් ලබාගෙන තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් නොකිරීමට තීරණය කර තිබේ. ඒ, රාජ්‍ය නායකයන්ට කරන ගෞරවයක් වශයෙනි. ඒ අනුව රාජ්‍ය නායකයන්ට විශේෂ අවසරයක් හිමි වෙයි.

එසේ විශේෂ අවසරයක් හිමිවුවත්, එන්නත් ලබා නොගත් රාජ්‍ය නායකයන්ට සීමා පැනැවීම් සිදුවෙයි. ඔවුන්ට සෙසු රාජ්‍ය නායකයන් මුහුණට මුහුණ හමුවීම කළ නොහැකිය.

බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ එන්නත ලබා ගැනීම මුලසිටම ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔහු 'කොවිඩ් 19' වයිරසය ආසාදිතයකු ද විය. ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ නොපැලදීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට අවස්ථා කීපයකදී දඩ කෑමට ද සිදුවිය.

තමන් එන්නත ප්‍රතික්ෂේප කළත්, මේ වනවිට බ්‍රසීල වැසියන්ට එන්නත් ලබා දීම සිදුවන බවත්, බ්‍රසීල ආර්ථිකය යළි පණ ගැන්වීමට තමන් පියවර ගන්නා බවත් බොල්සරානෝ සිය දේශනයේ දී පැහැදිලි කළේය. ඊට අමතරව පරිසරය සුරැකීම වෙනුවෙන් පවතින නීතිවලට අනුව කටයුතු කරන බවත්, අනවසර වන විනාශ නැවැත්වීමට පියවර ගන්නා බවත් මහා මණ්ඩල සැසිය අමතමින් බ්‍රසීල ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

(රොයිටර්)



අදහස් (0)

බ්‍රසීල ජනපතිට විශේෂ අවසරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site