IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උඩ ගිය සංචාරක ගගනගාමීහු ආපසු එති

ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් ට අයත් 'ස්පේස් එක්ස්' සමාගමේ මංගල ගගන සංචාරය අරඹමින්, පෘථිවි කක්ෂයට ගිය ගගන සංචාරකයෝ සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.

'ස්පේස් එක්ස්' සමාගමේ මංගල ගගන සංචාරය නම් කෙරුණේ 'ඉන්ස්පිරේෂන් 4' යනුවෙනි. ඉයොන් මස්ක් සමඟ සාකච්ඡා කර, 'ඉන්ස්පිරේෂන් 4' ගගන සංචාරයට සැලැසුම් කළේ 38 හැවිරිදි බිලියනපතියකු වන ජාරෙඩ් අයිසෙක්මන් ය. ඔහු තවත් සිවු දෙනකු ගමනට තෝරා ගෙන තිබුණි.

ගමනේ සියලු බර පැන දැරුවේ ද අයිසෙක්මන් විසිනි. 29 හැවිරිදි හෙයිලී ආසනෝව්, 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකී සහ 51 හැවිරිදි සියැන් ප්‍රොක්ටර් ජාරෙඩ් අයිසෙක්මන් සමඟ මෙම ගමනට එක් වූ සෙසු සංචාරකයන් තිදෙනාය.

වෘත්තීය ගගනගාමීන් නොවුණත්, ගගන සංචාරකයන් ලෙස මාස කීපයක පුහුණුවකින් පසු මොවුන් සිවුදෙනා පෘථිවි කක්ෂය බලා ගියේ පසුගිය 15 වැනිදාය. ඒ, 'ෆෝල්කන්' රොකට්ටුවකට සවි කළ මීටර් 8 ක් උස, මීටර් 4 ක් පළල 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලයෙනි.‍ රොකට්ටුවෙන් වෙන්වුණු කැප්සියුලය, පෘථිවි කක්ෂයේ ඉහළට ගොස් කක්ෂයේ රැඳුණු අතර එය 15 වැනිදා සිට කක්ෂයේ පාවෙන්න වූයේ තිබුණේ පෘථිවිය වටා කැරකෙමිනි.

ආපසු ඒමේදී, 'ඩ්‍රැගන්' කැප්සියුලයේ ඇන්ජිම පණ ගැන්වුණු අතර, එය යළි පෘථිවි වායුගෝලයට පිවිසුණි. පහළට ඇදී ආ කැප්සියුලයේ වේගය පාලන කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙනි. පෙර සැලසුම් කළ පරිදි, කැප්සියුලය ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරැණි. ඇමෙරිකන් නාවික හමුදාව කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටියේය.

(රොයිටර්)



අදහස් (0)

උඩ ගිය සංචාරක ගගනගාමීහු ආපසු එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site